ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ආගමික විභාග 4කට දින නියම වෙයි

    ඔක්තෝබර් 27, 2015

    බෞද්ධ ධර්මාචාර්ය විභාගය 2014 (2015) විභාගය නොවැම්බර් 01 වැනි දා සහ 07 වැනි දා පැවත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දිවයින පුරා ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථානවලදී මෙම විභාගය පැවැත්වෙන අතර ඒ සඳහා අයදුම්කරුවන් 28,525 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

    හින්දු දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය 2014 (2015) විභාගය නොවැම්බර් 07 හා 14 දෙදින දිවයින පුරා ස්ථාපිත කෙරෙන මධ්‍යස්ථානවලදී පැවත්වෙන අතර ඒ සඳහා අයදුම්කරුවන් 2,140 දෙනෙකු පෙනී සිටිති.

    හින්දු ධර්මාචාර්ය විභාගය - 2014 (2015) විභාගය නොවැම්බර් 22, 28, 29 තෙදින දිවයින පුරා ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථානවලදී පැවත් වෙන අතර ඒ සඳහා අයදුම්කරුවන් 1,500ක් සුදුසුකම් ලබා සිටිති.

    එසේම කතෝලික ධර්මාචාර්ය සහතිකපත්‍ර විභාගය - 2015 විභාගය නොවැම්බර් 22, 28, 29 තෙදින දිවයින පුරා ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථානවලදී පැවත් වෙන අතර ඒ සඳහා අයදුම්කරුවන් 6,710ක් සුදුසුකම් ලබා සිටින බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya