ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අලි මිනිස් ගැටුම් අවම කිරීමට හදිසි ඇමතුම් අංකයක්

    ඔක්තෝබර් 29, 2015
     අලි මිනිස් ගැටුම්  සම්බන්ධයෙන් දැනුම් දීමට 1992  නමින් හදිසි ඇමතුම් අංකයක් එළි දැක්වීම තිරසාර සංවර්ධන හා වන ජීවී කටයතු පිළිබඳ අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී  අද සවස 6.00 ට සිදු කිරීමට නියමිතය.
     
    අලි ඇතුන් ගම්වැදීම හේතුවෙන් සිදුවන දේපල හානි හා මරණ අඩු කර ගැනීමත් අලි ඇතුන්ට සිදුවන හානි අවම කිරීමත්  මෙහි අරමුණ වේ.
     
    1992 ඇමතීමෙන්  මහජනතාවට වන ජීවි ප්‍රධාන කාර්යාලය සම්බන්ධ කර ගැනීමට හැකිවේ. ගැටළුව සම්බන්ධයෙන්දැනුම් දීමෙන් පසු ප්‍රධාන වන ජීවි කාර්යාලය විසින් ගැටළුවට අදාළ ප්‍රදේශයේ සහකාර වන ජීවි කාර්යාල වෙතත් ඒ හරහා බීට්ටු කාර්යාල වලටත් දැනුම් දීමෙන් අනතුරුව ඉතා සුළු වේලාවක් ඇතුළත නිලධාරීන් අදාළ ස්ථානයට යොමු කිරීම හා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සිදු කෙරෙනු ඇත. 
     
    AP 
      

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya