ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    හිටපු නාවික හමුදාපති අද්මිරාල්කොළඹගේ මහතාට ආචාර්ය උපාධියක්

    ඔක්තෝබර් 30, 2015
    හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා හට ජනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් ආචාර්ය උපාධියක් පිරිනැමීය. 
     
    උපාය මාර්ගික අධ්‍යයනය යන විෂයය ඔස්සේ සාගරික ආරක්ෂාව යන තේමාව මුල් කරගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව සයුරේ දී සටන් වැදුණු ආකාරය අධ්‍යයනය කර ඔහු විසින් ඉදිරිපත් කරන ලද පර්යේශන නිබන්ධනය වෙනුවෙන් මෙම ආචාර්ය උපාධිය පිරිනැමිණි. ආරක්ෂක හමුදා ඉතිහාසයේ විශ්‍රාමික හමුදාපතිවරයෙකු ආචාර්ය උපාධිය ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය වේ. 
     
    ශ්‍රී ලංකා නාවික හමුදාවේ 18 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් කටයුතු කර ඇති අද්මිරාල් කොළඹගේ මහතා, නිර්භීතභාවය වෙනුවෙන් පිදෙන රණශූර පදක්කමින් මෙන් ම විශිෂ්ඨ සේවා විභූෂණය හා උත්තම සේවා පදක්කම ඇතුළු පදක්කම් හා පළඳනා රාශියකින් පිදුම් ලබා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වේ. 
     
    එමෙන්ම ඔහු නාවික සේවයේදී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ නාවික හමුදාව වෙනුවෙන් ඉටු කර ඇති විශිෂ්ඨ වූ සේවය ඇගයීමක් වශයෙන් නාවික හමුදාපතිවරුන් විසින් පිරිනමනු ලබන ප්‍රශංසාත්මක ලිපි බොහෝමයක් ද ලබා ඇත. 36 වසරක අභිමානවත් නොකැළැල් නාවික දිවිය තුළ ඉලක්කයන් රැසක් ජයගැනීමට හැකි වූ ඔහු ආරක්ෂක කටයුතු පිළිබඳ විද්‍යාපති උපාධියත්, ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හිමිකර ගෙන ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya