ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    උසස් පෙළ තාක්ණවේදී විෂය ධාරාවේ ප්‍රායෝගික පරීක්ෂණ 07 දා

    නොවැම්බර් 02, 2015

    අ.පො.ස. උසස් පෙළ විභාගය - 2015 විභාගයේ තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 07 වැනි දින දිවයිනේ තෝරා ගත් පරීක්ෂණ මධ්‍යස්ථාන 62කදී පැවත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිම්.එම්.එන්. ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

    එම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අයදුම්කරුවන් 5074ක් පෙනී සිටීමට නියමිතය.

    මෙම පරීක්ෂණය ලබන 07 වැනි දින පමණක් පැවැත්වෙන බැවින් කිසිම හේතුවක් මත දින වෙනස් කිරීමක් සිදු නොවන බව විභාග කොමසාරිස් ජනරාල් දන්වා සිටි.

    පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත තැපැල් කර යවා ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපියන් වෙත තැපැල් කර යවා ඇත.

    අද (2) වන විටත් ප්‍රවේශ පත්‍ර නොලැබුණු පාසල් ප්‍රධානින්ට හෝ පෞද්ගලික අයදුම්කරුවන්ට පහත දූරකතන අංක ඔස්සේ දැනුම් දිය යුතුය.

    දූරකතන අංක - 011 2784208, 011-2784537, 011 3188850
    ෆැක්ස්- 011- 2784422

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya