ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ අත්දැකීම් හුවමාරු අන්තර්ජාතික පුහුණු වැඩසටහන ඇරඹේ

    නොවැම්බර් 04, 2015

    තුන්වන ලෝකයේ නැගි එන රටවල සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ අත්දැකීම් හුවමාරුව සඳහා සංවිධානය කරනු ලබන ‘තුන්වල ලෝකයේ රටවල් සඳහාවන අන්තර්ජාතික පුහුණු වැඩසටහන‘ (3rd Country Internal Training Programme) 15 වනි වරටත් ශ‍්‍රී ලංකාවේ කාසල් වීදියේ රෝහල් පරිශ‍්‍රයේ පිහිටුවා ඇති සෞඛ්‍යාරක්ෂක, ගුණාත්මක හා සුරක්ෂිතතාවය පිළිබඳ අධ්‍යක්ෂක කාර්යාලයේ දී පැවැත්විණි.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සෞඛ්‍ය සේවා අංශයේ උපදෙස් පරිදි සෞඛ්‍යාරක්ෂක, ගුණාත්මක හා සුරක්ෂිතතාවය පිළිබඳ අධ්‍යක්ෂක කාර්යාලය (Directorate for Healthcare Quality Safety) මගින් ජපන් සහයෝගිතා ආයතනය (JAICA)  සමඟ එක්ව මෙම පුහුණු වැඩසටහන සංවිධානය කර තිබිණි.

     

    බංගලාදේශය, වියට්නාමය, කාම්බෝජය, ඊජිත්තුව, සිම්බාබ්වෙ ඇතුළු තුන්වන ලෝකයේ රටවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්විණි.

     

    මෙම අන්තර්ජාතික පුහුණු වැඩසටහනේ සමාරම්භක උත්සව අවස්ථාවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා එක්වූ අතර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, නියෝජ්‍ය අධක්ෂ ජනරාල් (සැලසුම්) වෛද්‍ය නීලමනී හේවාගීගනගේ මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පුහුණු හා පර්යේෂණ) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, JAICA ආයතනයේ ශ‍්‍රී ලංකා නියෝජිත Kiyoshi Amada මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya