මෙවර විප්ලවකාරී අයවැයක් ඉදිරිපත් කරන බව අනාවැකි පල කර තිබුණු අතර මෙම අයවැය මඟින් මාසික වැටුප් ලබන පිරිස මත කිසිදු බර පැටවීමක් සිදු නොවන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
නිදහස් ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ මුළුල්ලේම ජනප්‍රියතාවය අපේක්ෂාවෙන් ජාතික අවශ්‍යතා අභිබවා ගිය තීරණ ගැනීම හේතුවෙන් අද වන විට ශ්‍රී ලංකාවේ අයවැය යනු ණයෙන් පටන් ගෙන ණයෙන් අවසන් අයවැයක් බවට පත්ව ඇත.
සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1400ක් වේ. ඉන් 65%ක් රාජ්‍ය සේකවයින්ගේ වැටුප් (රුපියල් බිලියන 600ක්) හා රාජ්‍ය විශ්‍රාමිකයින්ට ගෙවීම් කිරීම සඳහා රුපියල් (බිලියන 170ක් )වැය කිරීම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකිය.
මෙම රාජ්‍ය ආදායම තවත් පැතිකඩකින් ගණනය කරන විට එහි 93%ක් එනම් රුපියල් බිලියන 1300ක් පමණ වාර්ෂික ණය ගෙවීම සඳහා යොදා ගැනීමට සිදුව තිබේ.
මෙම තත්ත්වය මත රාජ්‍ය ආදායම වැඩි කිරීම සඳහා විප්ලවකාරී පියවර රැසක් ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකාවේ ආදායම් බදු ගෙවිය යුතු ඉහළ ආදායම් ලබන පිරිසෙන් 60%ක් පමණ ආදායම් බදු නොගෙවන බව වාර්තා වී ඇති බැවින් ඔවුන්ගෙන් බදු මුදල් අය කර ගැනීම සඳහා පියවර ගැනීමට නියමිත බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.