ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    විදේශ සේවා කාර්යාංශ පනත සශෝධනයට පියවර

    නොවැම්බර් 12, 2015

    වීදේශ ගත වන ශ්‍රි ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශ පනත සංශෝධනය කිරීමට අවශ්‍ය බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.

    1985 දී සැකසූ මෙම පනත පසුව විටින් විට සංශෝධනය වී ඇති අතර එය තවදුරටත් සංශෝධනය විය යුතු බව ද අමාත්‍යවරිය පෙන්වා දෙයි.

    විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මේ බව පැවසූවේ‍, විදේශ රැකියා අමාත්‍යංශයේ ඊයේ (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

    මේ වන විට විශාල පිරිසක් දිනපතා රැකියා සඳහා විදේශ ගත වන අතර ඇතැම් රටවල සංක්‍රමණික ශ්‍රමිකයන් පිළිබඳව පවතින නීති රීතිවලට ගැළපෙන ‍ලෙස කාර්යාංශය සංශෝධනය කිරීමට අවශ්‍යව ඇති බවත් විශේෂයෙන් දඩ මුදල් හා විදේශ රැකියා පුහුණු වීම් සම්බන්ධව පවතින නීති රීති සංශෝධනය කිරීමේ කාලෝචිත අවශ්‍යතාවක් ද පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    එසේම ශ්‍රමිකයන්‍ ගේ සෞඛ්‍ය සම්බන්ධ ප්‍රතිපත්ති ‍‍ගෙන ඒම සඳහා ද නව නීති රීති ‍ගෙන ඒමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරිය එහිදි අවධාරණය කළා ය.


    එතෙර අපි සංවිධානය ඉදිරිපත් කරන ලද විගමණික ශ්‍රමිකයන්ගේ ඡන්ද අයිතිය ලබාදීමේ හා තවත් යෝජනා ඇතුළත් යෝජනා වලියක් එහිදි එම සංවිධානයේ ලේකම්‚ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා විසින් අමාත්‍යවරිය වෙත භාර දෙනු ලැබීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය

    "විදේශ රැකියා අමාත්‍ය ලෙස විගමණික ශ්‍රමිකයන් වෙනුවෙන් ඉදිරියේදී කටයුතු රැසක් ක්‍රියාත්මක කරනවා.අද මෙම යෝජනාවලිය ඉදිරිපත් කිරීම මම අගය කරනවා. විශේෂයෙන් විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අදහස් කරනවා. ඒ සඳහා මුදල් අමාත්‍යාංශය සමඟ අවශ්‍ය කටයුතු කරනවා. අවම වැටුප් තලයක් ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනා මේ වන විට රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා කලා. ඇතැම් රටවල් එකග වුණා. අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට මේ වන විට පියවර ගන්නවා."


    "විගමණික ශ්‍රමිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම පිලිබඳව මගේ අමාත්‍යාංශයට තනිවම තීරණය ගන්න බෑ. ඒ සඳහා අදාළ අංශ සමඟ සාකච්ඡා කරන්න ඕනි. පසුගිය කාලය දෙස බැලීමේදී මෙරට සාධාරණ මැතිවරණයක් පැවැත්වූවාද යන්න ප්‍රශ්නයක්.නමුත් පසුගිය මහ මැතිවරණය ඉතාම සාධාරණව පැවැත්වූවා. ඉතින් පිටරට ඉන්න අයට ඡන්ද අයිතිය ලබාදෙන්න කලින් මෙරට සාධාරණ මැතිවරණ පැවැත්වීම තහවුරු කරන්න ඕනි. කෙසේ වුවත් විගමණික ශ්‍රමිකයින්ගේ සියලු අයිතිවාසිකම් වෙනුවෙන් මම හැම දෙයක්ම කරනවා."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya