ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    2016 වසරට ප්‍රාග්ධන මූලික අයවැයක්

    නොවැම්බර් 12, 2015

    ප්‍රාග්ධන මූලික අයවැයක් 2016 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පුනරාවර්තන වියදමට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට 2016 වසර තුළ ක්‍රියා කරන බවයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විදෙස් මාධ්‍ය ආයතනවල මෙරට නියෝජිතයන් සමඟ ඊයේ (11) මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවක දී ය.

    ආදායම් උපයා ගැනීම සඳහා විවිධ ක්‍රමෝපායන් අනුගමනය කරන බවත් මෙතෙක් අත්හැර දමා තිබූ ඇතැම් අංශවලින් ආදායම් උපයා ගැනීමට ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම ආදායම් උපයා ගැනීම ජනතාවට පීඩනයක් නොවන ආකාරයෙන් සිදු කිරීමට ද කටයුතු කරන බව හෙතෙම කියා සිටියේ ය.

    ස්වීස් බැංකුවල තැන්පත් කර ඇති මුදල් ශ්‍රී ලංකාවට රැගෙන එන ලෙස එහි ගිණුම් හිමියන්ගෙන් රජය කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 450කට අධික මුදලක් එම ගිණුම් හිමියන් මෙරට බැංකුවල තැන්පත් කර ඇති බව ඒ මහතා සඳහන් කළේය.

    ශ්‍රි ලාංකිකයන් පමණක් නොව විදේශිකයන් ද ස්වීස් බැංකුවල තිබූ මුදල් මේ වන විට ශ්‍රී ලංකාවේ බැංකුවල තැන්පත් කිරීම ආරම්භ කර ඇති බවත් සෞදි සහ කටාර් රාජ්‍යවල ව්‍යාපාරිකයන්ගේ තැන්පතු ද මේ අතර වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya