ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කොමිසන් 04කට සාමාජිකයින් පත් වෙති Featured

    නොවැම්බර් 17, 2015

    කොමිසන් 04 ක් සඳහා ව්‍යවස්ථාදායක සභාවෙන් නිර්දේශ කරන ලද සාමාජිකයින් පත් කිරීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ අනුමැතිය හිමි ඇත.

    මැතිවරණ කොමිසම, ජාතික ප‍්‍රසම්පාදන කොමිසම, සීමා නිර්ණය කොමිසම, සහ මුදල් කොමිසම සඳහා මෙලෙස සාමාජිකයින් පත් කර තිබේ.

    මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස මහින්ද දේශපි‍්‍රය මහතා පත් කර ඇති අතර එන්.ජී. අබේසේකර, එස්.ආර්. හර්බට් හෝම් යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

    ජාතික ප‍්‍රසම්පාදන කොමිසම සඳහා සභාපති වශයෙන් ඒ.එම්. ෆොන්සේකා මහතා පත් කර තිබෙන අතර සෙසු සාමාජිකයින් වන්නේ ඞී.එන්.අයි.එෆ්.ඒ වික‍්‍රමසූරිය, බී.ඊ.ආර්.සී වෙඩික්කාර්, පී.ඒ.ඞී.සී.ආර්. පෙරේරා, නියන් වාහුදේවන් යන මහත්ම මහත්මීන්ය.

    සීමා නිර්නය සඳහා කොමිසමේ සභාපති වශයෙන් පවලිංගම් කනගරත්නම් මහතා පත් කර ඇති අතර ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක , මහාචාර්ය සාහුල් හමීඞ් හස්බුල්ලා යන මහත්ම මහත්මීන් සෙසු සාමාජිකයින් වෙති.

    මුදල් කොමිසමේ සභාපති ලෙස උදිත හරිලාල් පලිහක්කාර මහතා පත් කර ඇති අතර වේළුපිල්ලේ කනගසභාපති, එම්.එම්. සෆ්හුල්ලා යන මහත්ම මහත්මීන් සෙසු සාමාජිකයින් ලෙසත් නිල බලයෙන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් පත්ව සිටිති.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya