ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    තවත් 2,000කට ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කෙරේ Featured

    නොවැම්බර් 17, 2015

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 2,000කට ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීම අද (17) අග්‍රාමාත්‍ය කාර්යාලීය සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    රට වේගයෙන් සංවර්ධනය වෙමින් ඉදිරියට යන අවධියක රටින් පිට සේවය කරන විද්වතුන් සහ විශේෂඥයින් සමඟ එක්ව රට පෙරට ගෙන යාමට මෙම ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීම ශක්තියක් වනු ඇති බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

     

    සංවර්ධිත රටවල් සමඟ කරට කර තරග කිරීමට අවශ්‍ය දායකත්වය, සංචාරක කර්මාන්තය, රටේ ආර්ථික තත්වය දියුණු කිරීම සහ ඒ සඳහා විදෙස් ආයෝජන ලබා ගැනීම, ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගැනීම යන කරුණු මත මෙම ද්විත්ව පුරවැසිභාව ප්‍රදානය කිරීමේ තීරණය ගැනීමට නව රජයට ඉවහල් වූ බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.

     

    ජාතිවාදය නැති, ආගම්වාදය නැති ශ්‍රී ලංකාවක් බිහි කරන්නට අද හැමෝම එකතු වී ඉන්නා බවත් අප රට ගොඩනඟන්නට දායකත්වය ලබා දෙන ලෙස ද්විත්ව පුරවැසිභාවය ලබා ගන්නා පිරිසගෙන් තමන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍යතුමා සභාව අමතමින් මෙහිදී සඳහන් කළේය.

     

    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණු අතර එහිදී අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න මහතා පැවසුවේ ඉදිරි කාලය තුළ ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා සිටින සෑම පුද්ගලයෙකුටම එය ප්‍රදානය කිරීමට සිය අමාත්‍යාංශය කටයුතු කරන බවයි.

     

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, මංගල සමරවීර, ඩී.එම්. ස්වාමිනාදන්, අර්ජුන රණතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya