ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ සිසුන්ට ශිෂ්‍යාධාර පිරිනැමීම නවත්වා නැහැ Featured

    නොවැම්බර් 22, 2015

    5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ සිසුන් සඳහා රජය විසින් පිරිනමන රුපියල් 15,000ක වාර්ෂික ශිෂ්‍යාධාරය තවමත් ඒ ආකාරයෙන්ම එම දරුවන්ට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල කාරියවසම් මහතා පවසයි.

    පසුගිය දිනවල මෙම ශිෂ්‍යාධාරය කප්පාදු කළ බව කියමින් උද්ඝෝෂණ සිදු කෙරුණත් එය අසත්‍ය කරුණක් මත පදනම්ව සිදු වූ බව කියූ අමාත්‍යවරයා පසුගිය වසරවල සිට පැවතගෙන එන අයුරින්ම මෙම ශිෂ්‍යාධාරය අදත්, ඉදිරියටත් ලබා දෙන බව අවධාරණය කළේය.

     

    පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

     

    කෙසේවෙතත් ශිෂ්‍යාධාරය වෙනුවෙන් ලබා දෙන මුදල් ප්‍රමාණය ඉහළ දැමීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් 5 වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම පිළිබඳව ද විද්වත් සාකච්ඡා මඟින් නිසි තීරණයකට එළඹීමට හා නව අධ්‍යාපන ක්‍රමවේදයක් සැකසීමටත් ඉදිරියේ දී සැලසුම් කිරීමට කටයුතු බවත් කාරියවසම් මහතා එහිදී සඳහන් කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya