ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    යොවුන් පාර්ලිමේන්තුවේ කටයුතු වාර්තා කිරීමට කමිටුවක් Featured

    දෙසැම්බර් 04, 2015

    යොවුන් පාර්ලිමේන්තුවේ කටයුතු වාර්තා කිරීම සඳහා සම්බන්ධීකරණ කමිටුවක් පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ කාරියවසම් මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, ජාතික තරුණ සේවා සභාවේ සභාපති, යොවුන් පාර්ලිමේන්තුවේ කතානායක සහ යොවුන් පාර්ලිමේන්තුවේ අගමැතිවරයාගෙන් සමන්විතව මෙම කමිටුව පත් කෙරිණි.

     

    තෙවෙනි යොවුන් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අද (04) මහරගම තරුණ සේවා සභාවේ ඉදිකර තිබෙන විශේෂ පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් ආරම්භ කළ අතර එහිදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

     

    ලබන වසරේ යොවුන් පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා රුපියල් මිලියන 250 වෙන් කර තිබෙන බව පෙන්වා දුන් අගමැතිවරයා ග්‍රාමීය මට්ටමේ සිට තරුණ කණ්ඩායම් සමඟ එකට එකතු වී කටයුත කළ යුතු බව ද සඳහන් කළේය.

     

    ආසියාවේ ප්‍ර‍ථමවරට ප්‍ර‍ධාන පක්ෂ දෙකක් එකතු වී මේ රටේ තරුණ තරුණියන්ට අනාගතයක් සාදා දීමට ජාතික ආණ්ඩුවක් පිහිටුවා තිබෙන අතර මේ රටේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී ආයතන ඇති කිරීමට ඒ වගේ ම පාර්ලිමේන්තුවේ බලතල වැඩි කිරීමට කටයුතු කර තිබෙන බවත් අගමැතිවරයා ප්‍ර‍කාශ කළේය.

    විධායක බලතල අඩු කිරීම සඳහා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙන අතර එහිදී ජාතික පාර්ලිමේන්තුවේ බලතල වැඩිවන බවත් යොවුන් පාර්ලිමේන්තුවට වැඩි වැඩ කොටසක් සිදු කිරීමට තිබෙන බවත් අගමැතිවරයා පේනවා දුන්නේය.

    පාර්ලිමේන්තුවේ කාරක සභා ක්‍ර‍මයක් ඇති කිරීමට යෝජනා කර තිබෙන අතර එය ජනවාරී මුල් කාලයේදී ක්‍රියාත්මක කරන අතර ඒ ඒ විෂය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට ඇමැතිවරුන් පත් කරන බවත් මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතුව පවතින අතර අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තුවේ ඇති කිරීමට කටයුතු කරන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

    අගමැතිවරයා ප්‍ර‍කාශ කළේ මේ වන විට ස්වාධීන කොමිෂන් සභා 10ක් පමණ ස්ථාපිත කර ඒ සඳහා නිලධාරීන් පත් කර අවසන් බවයි.

     

    ග්‍රාම රාජ්‍ය කේන්ද්‍ර‍ට ඇතුළත් කිරීම යෞවන සේවා සමිති ආදිය එකතු කර ගනිමින් ග්‍රාමීය වශයෙන් ඉතා සමීපව කටයුතු කළ යුතු බවත් ග්‍රාම නිලධාරී සේවා වසම් 14,000ක් පමණක් තිබෙන අතර එමඟින් පොකුරු ලෙස ග්‍රාම කේන්ද්‍ර‍ 2500ක් සෑදීම සිදු වන බවත් අගමැතිවරයා පේනවා දුන්නේය.

     

    මේ රටේ තරුණ තරුණියන්ගේ අදහස් ශක්තිමත් කිරීමට යොවුන් පාර්ලිමේන්තුව සකස් කරන අතර යොවුන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීම, සඳහා ද ජාතික පාර්ලිමේන්තුව මඟින් කටයුතු කළ හැකි බවත් ජාතික පාර්ලිමේන්තුවේ නොමැති සමාජ මාධ්‍ය සැසි ආදි වැඩසටහන් පවා යොවුන් පාර්ලිමේන්තුව මඟින් ක්‍රියාත්මක කළ හැකි බවත් වික්‍ර‍මසිංහ මහතා පෙන්වා දුන්නේය.

     

    රැකියා ලක්ෂ 10ක් ඇති කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද යොවුන් පාර්ලිමේන්තුවට කටයුතු කළ හැකි අතර මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආර්ථික කලාපයක් ආරම්භ කර තිබෙන බවත් ලෝකයේ හොඳම යොවුන් පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවේ ඇති කිරීම අරමුණු වන අතර ඒ තුළ අධ්‍යාපනය, රැකියා, සමාජීය හා නීතිය හා සාමය ඇතුළු කරුණු පිළිබඳ කටයුතු කිරීමට යොවුන් පාර්ලිමේන්තුව මඟින් අවස්ථාව ලැබෙනු ඇතැයි ද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

     

    අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා, රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ ඩබ්. ජී.එස්. එරන්දික ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya