ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    චලෙයි මුහුදින් ගොඩගත්තේ ගුවන් හමුදාවේ ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානයක්

    මැයි 28, 2014

    නාවික හමුදාව මගින් පසුගියදා චලෙයි ප‍්‍රදේශයට නැඟෙනහිර මුහුදින් ගොඩගත් ගුවන් යානයේ සුන්බුන් කොටස් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් CH 614 දරණ එම් අයි 24 ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානයේ බව ගුවන් හමුදාපතිවරයා විසින් පත්කරන ලද විශේෂිත නිලධාරියකු විසින් කරන ලද පරීක්‍ෂණ මගින් අණාවරණය වී ඇත.

    මෙම යානය 1997 වසරේ මාර්තු මාසයේදී අතුරුදහන් වූ අතර, සතුරු ප‍්‍රහාරයක් හේතුවෙන් යානයේ ගමන් ගත් සියලු ම දෙනා සමඟ ගුවන් යානය කඩා වැටුණු බව බුද්ධි අංශ මගින් පසුව අනාවරණය කරන ලදී.අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ ප‍්‍රධාන නියමුවා ලෙස ෆ්ලයින් ඔෆිසර් ඒ. මලලසේකර ද සහයක නියමුවා ලෙස මේජර් වොවා මිලර් ද කටයුතු කළහ. යානයේ ගුවන්යානා ඉංජිනේරු ලෙස මේජර් වයි. රොමනෝව් ද ගුවන් ආරක්‍ෂකයන් ලෙස නායක ගුවන්භට අරුණශාන්ත සහ නායක ගුවන්භට පී.ටී. සමරකෝන්  කටයුතු කර තිබේ. ෆ්ලයිට් ලෙෆ්ටිනන් පී.එච්.ඒ. සේනසිංහ, කෝප‍්‍රල් එස්.පී.එල්. නන්දසේන සහ නායක ගුවන්භට ලියනගේ යන අය යානයේ ගමන් ගත් සෙසු ගුවන් හමුදා සාමාජිකයෝ වෙති.

    අනතුර සිදුවී කලකට පසු ගුවන් යානයේ ගමන්ගත් ගුවන් ආරක්‍ෂකයන් දෙදෙනාගේ මෘත දේහ ඉන්දියානු වෙරළ තීරයේ තිබී හමු වූ අතර, මෘතදේහ එම පුද්ගලයින්ගේ ළඟම ඥාතීන් වෙත ලබා දී සියලු හමුදා ගෞරව සහිතව අවමංගල්‍ය කටයුතු සිදුකරන ලදී. සුන්බුන් කොටස් හමු වූ මෙම හෙලිකොප්ටර් යානය 1996 නොවැම්බර් මස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලබාගත් අතර ප‍්‍රහාරයට ලක්වන අවස්ථාවේ පලාලි, ගුවන් හමුදා කඳවුරේ සිට හිගුරක්ගොඩ, ගුවන් හමුදා කඳවුර වෙත නඩත්තු කටයුතු සඳහා පියාසර කරමින් පැවතිණි.

    දීර්ඝකාලීනව මුහුදු පතුලේ මුහුදු ජලයට නිරාවරණය වීම නිසා සුන්බුන් බොහෝ සේ දිරාපත්ව තිබුණු අතර එම ස්ථානයේ කිසිදු ආකාරයක පුද්ගල ශරීර කොටස් හෝ අවශේෂ දක්නට නොතිබූ බවද වාර්තා වේ.ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya