ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්ය මණ්ඩල පර්යේෂණ සහකාරවරුන් සඳහා පුහුණු වැඩසටහනක් Featured

    දෙසැම්බර් 09, 2015

    පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්ය මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරුන් 75දෙනෙකු සඳහා එක් දින පුහුණු වැඩසටහනක් හෙට (10) උදෑසන 08.30 සිට සවස 5.00 දක්වා සෙත්සිරිපාය දෙවන අදියර නව ගොඩනැඟිල්ලේ ශ්‍රවණාගාරයේ දී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

    USAID ආධාර යටතේ ක්‍රියාත්මක මෙම පුහුණු වැඩමුළුව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අංශය විසින් සංවිධානය කොට තිබේ.

     

    ගරු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය වඩාත් පහසුකිරීම සඳහා පර්යේෂණ සහකාර විසින්, ඉටු කළ යුතු සම්බන්ධීකරණ කටයුතු කාර්යක්ෂමව හා ඵලදායීව සැපයීම සඳහා අවශ්‍ය වන්නා වූ පුහුණුව ලබා දීම මෙම පුහුණු වැඩසටහනේ අරමුණ වේ.

     

    ප්‍රදේශයේ සංවරධනය සඳහා විමධ්‍යගත අයවැයෙන් වෙන් කරනු ලබන අරමුදල් ඵලදායී ලෙස යොදා ගැනීමට අවශ්‍ය ව්‍යාපෘති යෝජනා සැකසීම, තොරතුරු ඒකරාශී කිරීම සහ ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ ක්‍රමවේදය පිළිබඳව පර්යේෂණ සහකාරවරුන් දැනුවත් කිරීම මෙම වැඩසටහනෙන් සිදු වේ.

     

    එසේම මන්ත්‍රීවරයාගේ කාර්යභාරය, පර්යේෂණ සහකාරවරයාගේ කාර්යභාරය පිළිබඳව මෙන්ම යහපත් හා මිත්‍රශීලී මහජන සම්බන්ධතාවයන් ගොඩනඟා ගැනීම පිළිබඳව අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගීක පුහුණුව ලබා දීමට ද මෙම වැඩසටහනෙන් අපේක්ෂා කෙරේ. මේ සඳහා ප්‍රවීණ මෙන්ම අත්දැකීම් සපිරි ජ්‍යෙෂ්ඨ දේශකයින්ගේ සම්පත්දායකත්වය හිමි ව තිබේ.

     

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්ද්‍රා මියනවල මහත්මිය මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන් සහ USAID නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya