ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අයවැය මගින් පැනවූ වාහන බදු කිසිදු ලෙසකින් සංශෝධනය වන්නේ නැහැ - මුදල් අමාත්‍ය Featured

    දෙසැම්බර් 13, 2015

    2016 අයවැය යෝජනා මගින් පනවා ඇති රථ වාහන බදු කිසි ලෙසකින් අඩු කිරීමට හෝ ඉවත් කිරීමට කටයුතු නොකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එබැවින් රථ වාහන සම්බන්ධයෙන් අලෙවිකරුවන් සේ ම පාරිභෝගිකයන් ද ව්‍යාකූල තත්ත්වයකට පත් නොවිය යුතු බවයි. රවී කරුණානායක මැතිතුමා මේ බව කියා සිටියේ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සමග ඊයේ (12) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති හමුවක දී ය.

    “අයවැයෙන් පසුව අදහස් විමසීම සඳහා තමයි අද රථ වාහන ආනයනකරුවන් සමග මේ සාකච්ඡාව පැවැත්වුවේ. ඒ සාකච්ඡාවේ දී අනාවරණය වුණ ප්‍රධාන කරුණ තමයි අයවැයේ ඇතැම් යෝජනා වෙනස් වෙයි කියන පූර්ව නිගමනය මත වාහන වෙළෙඳපොළ තුළ කිසියම් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී තිබීම. මේ පැතිර යන කතා සියල්ල අසත්‍යයි. අපි ඉදිරිපත් වෙලා තියෙන්නේ වැටිල තියෙන රට යළි නැගිට්ටවල ගන්න. ඒ සඳහා දීර්ග කාලීන සැලැස්මක් අනුව යන ගමනක් අපට තියෙනව. ඒ නිසා බොහොම වගකීමෙන් කියනව රථ වාහන ආනයනය සම්බන්ධයෙන් වන යෝජනාවල කිසිදු වෙනසක් වෙන්නෙ නෑ. ඒ නිසා අලෙවිකරුවන්ට සහ පාරිභෝගිකයන්ට කියන්න තියෙන්නෙ අනාගත මිල ගණන් ගැන නොසිතා වර්තමාන මිල ගණන් යටතේ ගනුදෙනු කරගෙන යන්න කියල.” යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

    ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා අදහස් දක්වමින් -

     

    “දේශීය රථ වාහන වෙළෙඳපොළේ මේ දිනවල දැඩි ව්‍යාකූල තත්ත්වයක් පවතිනවා ඉදිරියේ දී රථවාහන මිල ගණන්වල මොන විදිහේ වෙනස්වීමක් වෙයි ද කියන කාරණාවත් එක්ක. ඒ නිසා තමයි අපි අද සංගමයක් විදියට මුදල් ඇමැතිතුමා හමු වෙලා සාකච්ඡා කළේ. ඒ අනුව ඉතාම පැහැදිලියි 2016 අයවැය මගින් රථ වාහන ආනයනය වෙනුවෙන් පනවපු බදු කිසිවක් සංශෝධනය නොවන බව. රටට අවශ්‍ය දේ තමයි සිදු කරල තියෙන්නෙ කියල ඇමැතිතුමා ඉතා පැහැදිලව කිවුවා. ඒ අනුව ඉදිරියේ දී වාහන මිල ඉහළ යාමක් සිදු වෙන එකේ කිසිදු වෙනසක් නැහැ. ඒ නිසා පාරිභෝගිකයන්ට අපි කියන්නෙ මේ වන විට ආනයනය කරල තියන වාහන දැන් පවතින මිලට මිල දී ගන්න කියන කාරණාවයි. අපිත් කැමැතියි රජය ගෙන යන මේ වැඩපිළිවෙළට සහය දෙන්න. ඒ නිසා දැනට ආනයනය කරල තියෙන වාහන මිල දී ගන්න. ඒවායේ මිල කිසියම් මට්ටමකට ඉහළ ගිහින් තියෙනවා. නමුත් ඉදිරියේ දී ආනයනය කරන වාහන ඊටත් වඩා මිල වැඩිවෙයි. ” යැයි ද සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya