ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ සංවර්ධනයට තුර්කියෙන් මුදල්

    දෙසැම්බර් 18, 2015

    සංවර්ධිත රාජ්‍යයන්ගෙන් සමන්විත G-20 සංගමයේ ක්‍රියාකාරි සාමාජිකයකු හා දැනට එහි සභාපතිත්වය දරන තුර්කිය හා ශ්‍රී ලංකාව අතර වන ද්විපාර්ශ්වික සබඳතාව මූල්‍යමය සහයෝගීතාව මඟින් වඩා ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව හා තුර්කියේ අපනයන ණය බැංකුව (TURK Exim Bank) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.

    රටේ සංවර්ධනය සඳහා වූ ගමන් මාර්ගය වඩා ශක්තිමත් කිරීමෙහිලා නව සංවර්ධන සහකරුවන් ආකර්ශනය කරගැනීම හා පවත්නා සංවර්ධන සහකරුවන්ගේ සංඛ්‍යාව පුළුල් කිරීම අවශ්‍ය වී ඇත.

     

    මෙම අවබෝධතා ගිවිසුම යටතේ, තුර්කියේ අපනයන ණය බැංකුව විසින් ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛ සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 350ක ණය අරමුදල් සැපයීමට එකඟ වී ඇත.

     

    ඒ අනුව අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය ලැබී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya