ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරියේ පැවැත්වෙන දින

    දෙසැම්බර් 19, 2015

    කැලණිය විශ්වවිද්‍යාලීය ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධි ප්‍රථම පරීක්ෂණය-2012/2013 (බාහිර) සහ ව්‍යාපාර කළමනාකරණවේදී (සාමාන්‍ය) උපාධි පරීක්ෂණය- 2012/2013 (බාහිර) විභාගය අද (18) දින ආරම්භ වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    අද සිට 21, 22, 23, 28, 29, 30 හා 31 දිනයන්වල දී ද මෙම විභාගය පැවැත් වේ.

    දිවයින පුරා ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථානවලදී පැවැත්වෙන අතර ඒ සඳහා අයදුම්කරුවන් 33,000ක් පමණ සුදුසුකම් ලබා සිටිති.


    එසේම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ I ශ්‍රේණිය සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය- 2015 විභාගය ලබන 19 වන දින කොළඹ දී පමණක් පැවැත්වේ.

    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ II ශ්‍රේණිය සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය- 2015 විභාගය ලබන 19 වන දින කොළඹ දී පමණක් පැවැත්වේ.

    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ III ශ්‍රේණිය සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2015 විභාගය ලබන 19 වන දින කොළඹ දී පමණක් පැවැත්වේ.

    ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ සේවක පුරප්පාඩු පිරවීම සඳහා පවත්වනු ලබන තරග විභාගය- 2014 (2015) ලබන 19 හා 20 යන දෙදින කොළඹ දී පමණක් පැවැත්වේ.

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය- 2015 ලබන 19 හා 20 යන දෙදින කොළඹ දී පමණක් පැවැත්වේ.

    වයඹ පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන පන්තියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය- 2015 දෙසැම්බර් මස 20 වන දින කුරුණෑගල, කුලියාපිටිය, මහව, පුත්තලම සහ හලාවත යන නගරවලදී පැවැත්වේ. මේ සඳහා අයදුම්කරුවන් 8,983ක් සුදුසුකම් ලබා සිටිති.

    ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ II පන්තියේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2015 විභාගය ලබන 26 වන දින කොළඹ දී පමණක් පැවැත් වේ. 


    මූලික පිරිවැයෙන් අවසාන විභාගය - 2015 විභාගය ලබන 26 වන දින ආරම්භ වේ. එදින සිට ලබන 27, 28, 29, 30, හා 31 යන දිනයන්වල දී ද මෙම විභාගය පැවැත් වේ. දිවයින පුරා ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථාන රැසක දී මෙම විභාගය පැවැත් වේ.


    ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ පුහුණු කිරීමේ ශ්‍රෙණියේ අඩවි වන නිලධාරී තනතුරුවලට බඳවාගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය-2014 විභාගය ලබන 27 දි කොළඹ දී පමණක් පැවැත් වෙන බව එම දෙපාර්තමෙන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

     

    kpm

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya