ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජේසු ක්‍රිස්තු උපත සිදු වූ අසිරිමත් නත්තල් දිනය අද යි Featured

    දෙසැම්බර් 25, 2015

    ලොව පුරා වෙසෙන කතෝලික බැතිමතුන් උත්කර්ශවත් අන්දමින් සමරන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූ අසිරිමත් නත්තල් දිනය අදට (දෙසැම්බර් 25) යෙදී ඇත.

    සීතල රැයක ගව මඩුවක ජේසු කුමරු උපත සිදුවූ බවත් එතුමන්ට සුව පහසු යහනාවක් හෝ පළඳවන්නට සිනිඳු සේල හෝ නොතිබූ බවත් නිහඬව නිහතමානීව සිදුවූ මේ උපතේ දී අසල සිටියේ දිළිඳු ගොපලුන් බවත් කතෝලික දහමේ සඳහන් කරයි.

     

    නත්තල තුළින් මුළු ලොවටම කියා සිටින්නේ සාමයේ පණිවිඩය යි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නාසරතයේ මරියා ට දාව උපන්නේ මිනිස් සංහතිය පාපයෙන් ගලවා ගැනීමට බව කතෝලික බැතිමතුන්ගේ විශ්වාසය යි.

     

    රජයේ ප්‍රවෘත්ති ජෙනරාල්තුමිය ඇතුළු රජයේ නිල පුවත් වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ශ්‍රී ලංකාවාසී සැමට සාමය සතුට පිරි ශුභ නත්තලකට සුභාශිංසන ප්‍රාර්ථනා කර සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya