ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නඩු ප්‍ර‍මාණය අඩු කිරීමට ලබන වසරේ නීති පද්ධතියේ දැවැන්ත වෙනසක් Featured

    දෙසැම්බර් 25, 2015


    නඩු ප්‍රමාදය අවම කිරිමට ලබන වසරේ දැවැන්ත වෙනසක් නීති පද්ධතිය තුළ සිදු කරන බවත් එහි පළමු පියවර වශයෙන් අද සිට සමත මණ්ඩලවලට එන නඩුවල මුල්‍යමය වටිනාකම රුපියල් ලක්ෂ 05 ක් දක්වා වැඩි කිරිමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.


    අධිකරණ අමාත්‍යාංශය මගින් සංවිධානය කළ 2015 ඵලදායිතා සම්මාන උළලේ ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍ර‍දානය කිරිමේ අවස්ථාවට පසුගිය දා එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ඒ මහතා පෙන්වා දුන්නේ මීට පෙර එය පැවතුනේ රුපියල් දෙලක්ෂ පනස් දහස් දක්වා පමණක් බවයි.

     

    පසුගිය වසර පහක කාලය තුළ සමථ මණ්ඩලයට එන නඩුවලින් 51%ක් විසඳුම් ලබා දී තිබෙන අතර එය සංඛ්‍යාත්මක වශයෙන් ගතහොත් තුන් ලක්ෂ හැත්තෑ පන් දහසක් පමණ වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එතරමි විශාල නඩු සංඛ්‍යාවක් සමථ ක්‍රමය මගින් විසඳීම නඩු ප්‍රමාදය අවම කීරිමට විශාල සහයෝගයක් වූ බව ද පෙන්වා දුන්නේය .

     

    මෝටර් රථ ප්‍රවාහන නීතිය යටතේ නඩු විශාල සංඛ්‍යාවක් තිබෙන අතර එම දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර එවැනි වැරදි සඳහා දඩ කොළ මගින් පමණක් විසඳුම් ලබාදිමේ ක්‍රමවේදයක් සකස් කිරිම පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

     

    සිවිල් හා අපරාධ නඩු විධි විධාන සංග්‍රහය අදට ගැළපෙන ලෙස සංශෝධනය කළ යුතුයි. එම නඩු විධි විධාන සංග්‍ර‍හයට අදාළ නඩු විභාග කිරිමේ ක්‍රමවේදය වෙනස් කිරිමට අදාළ කැබිනට් අනුමැතිය ලැබි ඇත. එය ඉදිරියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කර ගැනිමට නියමිතය.

     

    පසුගිය කාලය පුරාවටම රස පරික්ෂක වාර්තා ප්‍රමාදය ගැන අදහස් පළ වුණා එම තත්ත්වය අවම කිරීමට දැන් එම දෙපාර්තමේන්තුව විධිමත් වැඩපිළවෙළක් සකස් කර තිබෙන බවත් ඒ සඳහා රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ පරික්ෂණ කටයුතු වැඩි දියුණු කිරීමටත් එහි විද්‍යාගාර කටයුතු නවීකරණයට කටයුතු කර තිබෙන බවත් අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    2015 ඵලදායිතා සම්මාන තරගාවලිය අධිකරණ 94 ක් සහ කම්කරු විනිශ්චය සභා 37 ක් අතර පැවැත්විණ.මිට පෙර 2012, 2013, 2014 වසරවල මෙම තරගාවලිය අධිකරණ අතර පවත්වා ඇති අතර ඉදිරියේදි කොළඹ ගම්පහ සහ යාපනය යන අධිකරණ කලාප සඳහා ද පැවැත්විමට නියමිතය.

     

    එහිදි හොඳම කම්කරු විනිශ්චය සභා මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණය, මහාධිකරණ හා සිවිල් අභියාචනාධිකරණ සඳහා ප්‍රථම, දෙවන, තෙවන වශයෙන් ත්‍යාග සම්මාන සහ සහතික පත්‍ර පිරිනැමීම සිදු වු අතර වැඩිම ලකුණු ලබාගත් අධිකරණය සඳහා කුසලතා සහ සහතික පත්‍ර පිරිනැමීද සිදු විය.

     

    පසුගිය කාලය පුරා අධිකරණ පද්ධතිය තරම් විවේචනයට ලක් වු වෙනත් ආයතනයක් නැති තරම් බවත් නමුත් වත්මන් රජය වසරක් වැනි කෙටි කාලයක් තුළ දැවැන්ත වෙනසක් එම පද්ධතිය තුළ සිදු කර තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    අධිකරණ හා බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරුන් ද මෙහිදි අදහස් පළ කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya