ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ අවසන් ලේඛනය ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයි Featured

    දෙසැම්බර් 31, 2015

    පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ ක‍්‍රමවේදය විනිවිද භාවයකින් සහ විශ්වාසවන්ත බවකින් යුක්තවීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත විශේෂ තීරණ කිහිපයක් ලබාගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

     
     
    * පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අවසන් ලේඛනය සහ පොරොත්තු ලේඛනය පාසල්වල ප‍්‍රදර්ශනය කිරීම අනිවාර්ය වන අතර එම ලේඛන අඛණ්ඩව ආරක්ෂිතව ප‍්‍රදර්ශනය කළ යුතුයි.


    * එක් එක් ගණයන් සඳහා ළමුන් තෝරා ගැනීමේදී ලකුණු ලබාදීම සඳහා අනුගමනය කළ ක‍්‍රමවේදයන් ද විදුහලේ දැන්විම් පුවරුවේ ප‍්‍රදර්ශනය කිරීම ද සිදු කළ යුතුයි. (දෙමව්පියන් ආසන්න පාසල්වල ලකුණු අඩු කිරීම පිළිබඳව විමසන බැවින්, ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර එම ලකුණු අඩු කිරීම පිළිබඳව ද සඳහන් කර ප‍්‍රදර්ශනය කිරීම සිදු කළ යුතුයි)
     

    *  ළමයින් තෝරා ගැනීමේ දී ලකුණු ලබාදුන් ආකාරය පිළිබඳව දෙමාපියන් විමසන අවස්ථාවලදී අදාළ විදුහල්පතිවරුන් විසින් අවශ්‍ය පිළිතුරු දෙමාපියන්ට ලබාදීමට පියවර ගත යුතුයි.



    2016 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ දී විනිවිද භාවය තහවුරු කිරීම සහ ළමුන් ඇතුළත් කිරීමේ ක‍්‍රමවේදය පිළිබඳව දෙමාපියන්ගේ විශ්වාසය ඇති කිරීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම තීරණය ගෙන ඇත.

     

    මේ සම්බන්ධයෙන් සියලූම පළාත් සහ කලාප අධ්‍යාපන ප‍්‍රධානීන් මෙන්ම විදුහල්පතිවරු දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya