ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය වෙනස් වෙයි

    ජනවාරි 04, 2016

    පකිස්ථාන අග්‍රාමාත්‍යතුමාගේ ශී‍්‍ර ලංකා සංචාරය වෙනුවෙන් අද (04) හා හෙට (05) කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනු ලබයි.

     

    අද (04) පස්වරු 04.00 සිට පස්වරු 06.00 පමණ දක්වා කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපලේ සිට කටුනායක පෑලියගොඩ අධිවේගි මර්ගය, බණ්ඩාරනායක වටරවුම, බේස් ලයින් පාර, ඔරුගොඩවත්ත, ඉන්ද්‍රම් හන්දිය, සද්ධර්ම මාවත, ප‍්‍රදිප මාවත, සංඝරාජ වටරවුම, පංචිකාවත්ත, මරදාන හංන්දිය. ඩාලී පාර, ගාමිණි වට රවුම, ඩි. ආර්. විජේවර්ධන මාවත, රීගල් වටරවුම, පාසන් පාර, කොම්පඤ්ඤ වීදිය හා පොලිසිය ඉදිරිපිට වටරවුම දක්වාත්; 

     

    හෙට (05) දින පෙරවරු 08.30 සිට පෙරවරු 10.00 පමණ දක්වා පාසන් පාර සිට රීගල් වටරවුම, බැංකු මාවත, ජනාධිපති මාවත ඔස්සේ ගාලූ මැද පාර දක්වාත් හෙට පෙරවරු 11.00 සිට පස්වරු 12.30 පමණ දක්වා NSA වටරවුම සිට ගාලූ පාරේ කොල්ලූපිටිය හංදිය දක්වාත් හෙට පස්වරු 01.30 සිට පස්වරු 02.00 පමණ දක්වා කොල්ලූපිටිය හංදිය සිට ගාලූ පාර, NSA වටරවුම, ලෝටස් පාර, සෙරමික් හංදිය, රිගල් වටරවුම, පාසන් පාර, කොල්ලූපිටිය පොලිසිය ඉදිරිපිට වටරවුම දක්වාත්යන මාර්ග වල ඉහත වේලාවන් වලදි මාර්ගයේ දෙපසටම වාහන ගමනාගමනය සීමා කරනු ලැබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya