ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    වර්ෂ පූර්ණය චාම් මෙන් ම අභිමානවත් ලෙස සැමරීමට රජය කටයුතු කරනවා- අමාත්‍ය ගයන්ත කරුණාතිලක Featured

    ජනවාරි 06, 2016

    වර්ෂ පූර්ණය සැමරීමට ජනවාරි 08 සහ 09 දිනවල වැඩසටහන් මාලාවක්-

     

    ජනවාරි අටවැනිදා මේ රටේ සිදු වූ ඓතිහාසික සමාජ දේශපාලනික පරිවර්තනයේ වර්ෂ පූර්ණය සැමරීම සඳහා රජය ජනවාරි 08 සහ 09 දිනවල වැඩසටහන් මාලාවක් සංවිධනය කර තිබෙන බවත් මෙම වර්ෂ පූර්ණය චාම් මෙන් ම අභිමානවත් ලෙස සැමරීමට රජය කටයුතු කරන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    ''මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක්'' වර්ෂ පූර්ණ ජාතික සැමරුම පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (06) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.


    ජනවාරි අටවැනිදා මේ රටේ සිදු වූ ඓතිහාසික සමාජ දේශපාලනික පරිවර්තනයේ වර්ෂ පූර්නය සැමරීම සඳහා රජය ජනවාරි 08 සහ 09 දිනවල වැඩසටහන් මාලාවක් සංවිධනය කර තිබෙනවා.


    දූෂිත පවුල්වාදය නිමා කරන්නට පසුගිය ජනවාරි 8 ජනවරමක් ලබාදුන්නා.මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ සඳහා සුවිශේෂී නායකත්වයක් ලබාදුන්නා.ජනවාරි 9 වැනිදා හයවැනි විධායක ජනාධිපතිවරයා දිවුරුම් දුන්නා.රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ බාරගත්තා.

     

    දූෂිත පවුල්වාදය නිමා කරන්නට පසුගිය ජනවාරි 8 ජනවරමක් ලබාදුන්නා.මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ සඳහා සුවිශේෂී නායකත්වයක් ලබාදුන්නා.ජනවාරි 9 වැනිදා හයවැනි විධායක ජනාධිපතිවරයා දිවුරුම් දුන්නා.රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ බාරගත්තා.

     

    වර්ෂ පූර්නය නිමිත්තෙන් වැඩසටහන් කීපයක් සංවිධානය කර තිබෙනවා.රජය මෙම වර්ෂ පූර්ණය චාම් මෙන් ම අභිමානවත් ලෙස සැමරීමට කටයුතු කරනවා.

    ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය , ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව උත්සව කටයුතු සංවිධානය කර තිබෙනවා.

    ජනවාරි 08 දින කළුතර ඓතිහසික බෝධීන්වහන්සේ වැඩවසන භූමිය , කළුතර බෝධි භාරකාර මණ්ඩලය වෙත සන්නසකින් පවරා දීම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙනවා.

     

    එමෙන් ම නාගවිහාරයේ දී අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සොභිත හිමිපාණන්ට පුෂ්ප උපහාර දැක්වීම සිදු වෙනවා.ජනාධිපති මන්දිරයේ දී ජනතා ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබදෙන ''ජනපති හදබිම- ජනපතිට කියන්න වැඩසටහන දියත් කෙරෙනවා.

     

    ජනවාරි 08 දින සවස 2.00ට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ''මෛත්‍රී පාලනයක් -ස්ථාවර රටක්''වර්ෂ පූර්ණ ජාතික උත්සවය බණ්ඩරනයක සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ වෙනවා.එහිදි ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා විශේෂ දේශන පවත්වනවා.ආරාධිත දේශනය ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ආණ්ඩුකාර හා ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහ කොමසරිස් ගෝපාල් ක්‍රිෂ්ණා ගාන්ධී මහතා විසින් පවත්වනු ලබනවා.

     

    එදින රාත්‍රී 8.00ට ජනාධිපතිතුමාට, රජයට සහ ජනතාවට සෙත් පතා පිරිත් පිංකමක් පැවැත්වෙන අතර පසු දින උදෑසන දානමය පිංකමක් පැවැත්වෙනවා.

    ජනවාරි 09 දින වර්ෂ පූර්ණය සමරමින් මහා සංස්කෘතික ප්‍රසංගයක් නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වෙනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරනවිතාන මහතා සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතා ද මාධ්‍ය හමුවට සහභාගී විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya