ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජනපතිගේ ශ්‍රේෂ්ඨ නායකත්ව ආකල්ප ඉන්දියානු රජයේ ඇගයීමට

    ජනවාරි 14, 2016

    ශ‍්‍රී ලංකා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා දක්වන ශ්‍රේෂ්ඨ නායකත්ව ගුණාංග විදහා පාන ආකල්ප පිළිබද ශී‍්‍ර ලංකාව පමණක් නොව ඉන්දියානු රජයත්, ජනතාවත් මහත් පැහැදීමෙන් සිටින බව ඉන්දියානු විදේශ ලේකම් එස්. ජයශංකර් මහතා පවසයි.

     

    ශී‍්‍ර ලංකාවට පැමිණි ඉන්දියානු විදේශ ලේකම්වරයා ඊයේ(13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කළේය.

     

    ජනාධිපතිතුමා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප‍්‍රකාශයේ දී විවිධ අභියෝග හා ප‍්‍රශ්ණ කෙරෙහි දැක්වූ ධනාත්මක ආකල්ප ඉන්දියානු රජයේ විශේෂ පැහැදීමට ලක්ව තිබෙන බවද ඉන්දියානු විදේශ ලේකම්වරයා මෙහිදී පැවසීය.

     

    ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත්ව වසරක් සපිරීම වෙනුවෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සහ ඉන්දියානු රජයේ සුභාශිංසන ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමට ද මෙහිදී ඉන්දියානු විදේශ ලේකම්වරයා කටයුතු කළේය.

     

    ඉන්දු ශ්‍රී ලංකා දීර්ඝ ඉතිහාසය සහ එම සබඳතාවල ඉමහත් ශක්තිය මෙහිදී අවධාරණය කළ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය ඉන්දියානු සංචාරයේදී මෙන්ම ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ‍්‍රී ලංකා සංචාරයේදීද දෙරට අතර රාජ්‍ය තාන්ත‍්‍රීක මට්ටමින් එහා ගිිය සුහදතාවයක් ගොඩනැගුණු බව සඳහන් කළේය.

     

    දෙරට අතර ද්වි පාර්ශවික සාකච්ජා ඉතා ඵලදායක බව පැවසූ ජනාධිපතිතුමා ලබන මස ඉන්දියා විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිත අතර එහිදී දෙරට අතර ද්වී පාර්ශවික සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙනයාමට අපේකෂා කරන බව පැවසීය.

     

    ශී‍්‍ර ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉන්දීය රජය ලබාදෙන සහයෝගය පිළිබදව මෙහිදී සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරිම් කටයුතු වලදීත්, විදුලිය, දුම්රිය මාර්ග, යනාදී යටිතල පහසුකම් සංවර්ධනයේදීත් විශේෂයෙන් පලාලි ගුවන්තොටුපල හා කන්කසන්තුරේ වරාය නවීකරණය සදහා ඉන්දියානු රජය ලබා දෙන ආධාර පිළිබදවත් සිය ස්තූතිය පළ කළේය.

     

    දෙරට අතර ඉදිරියේදී ඇතිවන සාකච්ඡා දෙරටේ ද්වි පාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීමට පමණක් නොව යම් යම් අවස්ථාවලදී ඇතැම් මාධ්‍ය මගින් පළවන අසත්‍ය ප‍්‍රචාර නිවැරදි කර ගැනීමටද ප‍්‍රයෝජනවත් වනු ඇති බව ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya