ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    තෛපොංගල් උත්සවය සමානාත්මතාවයට ගරු කරන, කෘතවේදීත්වය අගයන දිවි පෙවෙතක් ගත කරන්නට අප සැමට ඇරයුම් කරයි Featured

    ජනවාරි 15, 2016

    සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ සංස්කෘතික, ආගමික විවිධත්වය අගයමින්, ගරු කරමින් සමඟියෙන්, සහජීවනයෙන් ජීවත් වන්නට අවැසි වටපිටාව ගොඩනැගෙමින් පවතින අවස්ථාවක, තෛපොංගල් උත්සවය සමානාත්මතාවයට ගරු කරන, කෘතවේදීත්වය අගයන දිවි පෙවෙතක් ගත කරන්නට අප සැමට ඇරයුම් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෛපොංගල් දින පණිවුඩය නිකුත් කරමින් කියා සිටියි.

     

    සුභාශිංසන පණිවුඩය

    නව වසරක ඇරඹුම නව ප්‍රාර්ථනා, අරමුණු ගොඩනගා ගනිමින් ජීවිතය පිළිබඳ නවමු අපේක්ෂා දල්වා ගනිමින් ඉදිරිය දකින්නට ලැබෙන වටිනා අවස්ථාවක් ලෙස මම දකිමි.

    ලොව පුරා දමිළ ජනතාව තෛමාසය නොහොත් දුරුතු මාසයේ පවත්වන තෛපොංගල් උත්සවය ආගමිකල සංස්කෘතික සහ සමාජයීය වශයෙන් අතිශය වැදගත් අසිරිමත් උත්සව අවස්ථාවකි. එම ජනතාවගේ අස්වනු මංගල්‍යය ද වන මෙම උළෙල සූර්ය වන්දනාවට ප්‍රමුඛත්වයක් දෙන බැවින් සූර්ය මංගල්‍ය සැමරුම ද වේ. මෙදින සූර්යඋදාවත් සමඟ දමිළ ජනතාවට නව වසර උදා වේ.

    හිරු දෙවියන් විසින් ජීවිතය ලබා දෙන බව සිහිපත් කරමින්, තම පළමු අස්වැන්න කෘතවේදීව හිරුට පුද කිරීම ද, අස්වැන්න සරුසාර කිරීමට උරදුන් වර්ෂාව, ගව මහීෂාදී සතුන් ඇතුළු සමස්ත සොබාදහමට තුති පිදීම ද මෙදින සිදු වේ.

    සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ සංස්කෘතික, ආගමික විවිධත්වය අගයමින්, ගරු කරමින් සමඟියෙන්, සහජීවනයෙන් ජීවත් වන්නට අවැසි වටපිටාව ගොඩනැගෙමින් පවතින අවස්ථාවක, තෛපොංගල් උත්සවය සමානාත්මතාවයට ගරු කරන, කෘතවේදීත්වය අගයන දිවි පෙවෙතක් ගත කරන්නට අප සැමට ඇරයුම් කරයි.

     

    රනිල් වික්‍රමසිංහ

    අග්‍රාමාත්‍ය

    2016 ජනවාරි 13

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya