ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රෝහල්වල කිසිදු ඖෂධ හිඟයක් නෑ- සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න

    ජනවාරි 16, 2016

    දිවයින පුරා රෝහල්වල කිසිදු ඖෂධ හිඟයක් නොමැති බව සෞඛ්‍ය පෝෂණ, හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    රෝහල් කිහිපයක ඖෂධ හිඟයක් පැවතුනත් මේ වන විට එම රෝහලවලට ද අවශ්‍ය සියළු ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය විසින් ලබාදීමට පියවර ගෙන ඇත.

     

    ලංකාවට විදේශ රටවලින් ගෙන එන ඖෂධවල ප‍්‍රමාදයක් ඇති බවත්, ප‍්‍රසම්පාදන කටයුතුවලට අදාල ප‍්‍රශ්නයක් පැවැති බවත් එය ද නිරාකරණය කිරීමට කටයුතු කරන ලද බවත් විදේශීය රටවලින් ආනයනය කරන ඖෂධ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබුන බවත් අමාත්‍යවරයා පැවැසීය.

     


    ඒ අනුව ප‍්‍රතිශක්ති ඌණතා සහිත රෝගීන් සඳහා ප‍්‍රතිකාර කිරීෙමි දී ශිරාගත නික්ෂේපන (අයි.වී) භාවිතය සඳහා හියුමන් ඉමියුනෝග්ලොබියුලින් වයල්ස් 20,000 ක්, හෘද රෝගීන්ට ප‍්‍රතිකාර කිරීෙමි දී භාවිතයට ගැනෙන එනොක්සපාරීන් සෝඩියම් එන්නත් 4000 ක්, අයියූ මි.ලී.0.4 පෙර පුරවා ඇති සිරින්ජර් 210,000 ක්,
    එනොක්සපාරින් සෝඩියම් එන්නත් 6000 ක්, අයියූ මිලිලීටර් 0.6 පෙර පුරවා ඇති සිරින්ජර් 322,500 ක් මිලදී ගැනීමටත්, හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ග්‍රෑම් 5-6 වයල්ස් 30,000 ක්, මෙරපෙනම් ඉන්ජෙක්ෂන් මිලි ග‍්‍රෑම් 500 වයල් 150,000 ක්, මෙරපෙනම් ඉන්ජක්ෂන් ග‍්‍රෑම් 1 වයල් 310,000 එන්නත් හා ඖෂධ මිලදී ගැනීමට
    සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව ටෙන්ඩර් ප‍්‍රදානය කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.


    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත රෝහල්වලට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව බෙදා හැරීම පිළිබඳව සොයා බැලීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඖෂධ ගබඩා සංකීර්ණයේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක පසුහිය (13) රාත‍්‍රී නිරත විය.

    එහිදී ඖෂධ කඩිනමින් රෝහල් වලට යැවීම, හිග ඖෂධ කඩිනමින් මිලදී ගැනීම, ගබඩා පහසුකම්, ඖෂධ අතිරික්ත තොග සහ ප‍්‍රවාහන පහසුකම් පිළිබඳව අවධානය යොමු කරන ලදී.

    කිසියම් ඖෂධයක හිඟයක් පවති නම් සොයා බලා කඩිනමින් රෝහල්වලට නිකුත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ
    ජනරාල්වරයා වෛද්‍ය සැපයීම් අධ්‍යක්‍ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතාට මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.


    රෝහල්වලින් ඖෂධ ලබාදීමේ දී ඖෂධ බහාලන කවර හිඟයක් පවතින බව පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දී අනාවරණය විය. ඒ අනුව ඖෂධ බහාලන කවර පිළිබඳ ටෙන්ඩරය කැඳවා කවර මිලදී ගන්නා තුරු වෙනත් ආරක්‍ෂිත කවර වර්ගයක් රෝහල් වෙත නිකුත් කිරීමට වෛද්‍ය සැපයීම් අංශයේ අවධානය යොමුව ඇත.


    ඖෂධ බහාලන කවර හිඟය හේතුවෙන් ඖෂධ කඩදාසිවල ඔතා රෝගීන් වෙත නිකුත් කිරීමෙන් ඖෂධවල ගුණාත්මකභාවයට හානි සිදුවන බැවින් කඩිනමින් කවර මිලදී ගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සැපයීම් අංශයට, පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දී උපදෙස් ලබා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya