ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රජය සිදුකරන සියලූ ආයෝජනවල අවසාන ඉලක්කය යහපත් සමාජයක් - ජනපති Featured

    ජනවාරි 16, 2016

    රජය සිදුකරන සියලූ ආයෝජනවල අවසාන ඉලක්කය යහපත් සමාජයක් රට තුළ ගොඩනැගීම බව ජනාධිපතිතුමා පැවසීය.

    සමාජයේ පවතින අවිනීතභාවයන් සහ අශීලාචාර තත්ත්වයන් දරුවන්ගේ අනාගතයට ප‍්‍රශ්නයක් නොවිය යුතු බවද පැවසූ ජනාධිපතිතුමා රටේ දරුවන්ගේ අනාගතය වඩා සුරක්ෂිත ලෙස ගොඩනැඟීමට තම රජය කැප වී සිටින බවද ප‍්‍රකාශ කළේය.

     

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා නිපොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය විසින් වාර්ෂිකව සිදු කරන කැපකරු ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවයට ඇතුල්කෝට්ටේ මහින්දාරාම විහාරස්ථානයේ දී එක් වෙමිනි.

     

    රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට රජය කැපවී කටයුතු කරද්දී මෙවන් පෞද්ගලික ආයතන විසින් ලබාදෙන දායකත්වය මහත් ශක්තියක් බව පැවසූ ජනාධිපතිතුමා සියල්ල රජය විසින් කළයුතුයැයි බලා නොසිට රට සහ ජනතාව වෙනුවෙන් සිය වගකීම් ඉටුකිරීමට සියලූ දෙනා එක්විය යුතු බවද ප‍්‍රකාශ කළේය.

     

    ජපන් ශී‍්‍ර ලංකා මිත‍්‍රත්වය වර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ කෙරුණු කැපකරු ශිෂ්‍යත්ව ප‍්‍රදාන වැඩසටහන 1986 වර්ෂයේ සිට මෙරට කි‍්‍රයාත්මකවන අතර කෝට්ටේ ශී‍්‍ර කළ්‍යාණි සාමගී‍්‍ර මහා සංඝ සභාවේ ශී‍්‍ර ජයවර්ධනපුර ප‍්‍රධාන සංඝනායක නිපොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ මහ ලේකම් පූජ්‍ය මීගස්තැන්නේ චන්ද්‍රසිරි ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ මූලිකත්වයෙන් එය ආරම්භ කෙරිණි.

     

    ජපන් රජය ශී‍්‍ර ලංකාවේ සියලූ ක්ෂේත‍්‍රයන්හි සංවර්ධනය වෙනුවෙන් ලබාදෙන සහායට මෙහිදී ජනාධිපතිතුමා සිය ස්තූතිය පළ කර සිටියේ ය.

     

    අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 1800 ක් වෙනුවෙන් අද ශිෂ්‍යත්ව ප‍්‍රදානය කෙරුණු අතර ජනාධිපතිතුමා අතින් 34 දෙනෙකුට සංකේතාත්මකව ශිෂ්‍යත්ව ප‍්‍රදානය කෙරිණි.

     

    කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාම ගී‍්‍ර මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ, නිපොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ මහ ලේකම් පූජ්‍ය මීගස්තැන්නේ චන්ද්‍රසිරි ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර රාජ්‍ය අමාත්‍ය පී. රාධකි‍්‍රෂ්නන්, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    .pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya