ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    හාර්ඩියට අහිමි වූ ඉංජිනේරු විෂයන් යළි ලබාදීම කෙරෙහි අවධානය- අමාත්‍ය දයා ගමගේ Featured

    ජනවාරි 18, 2016

    අම්පාර, හාර්ඩි උසස් තාක්ෂණ ආයතනයට අහිමි වූ ඉංජිනේරු විෂයන් හා පාඨමාලාවන් යළි එම ආයතනය වෙත ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු කරන බව අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

     

    පසුගිය දා අම්පාර හාර්ඩි උසස් තාක්ෂණ විද්‍යාලයේ පැවැති 60 වන සංවත්සර සැමරුම අමතමින් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා මේ බව කියා සිටියේය.

     

    මිනුම්, විදුලි හා විද්‍යුත්, කාර්මික හා තාක්ෂණ ඉංජිනේරු විෂයන්ට අදාළ පාඨමාලාවන් හාර්ඩි උසස් තාක්ෂණ ආයතනය සතුව පැවතියේය. නමුත්, අසූව දශකයේ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් එම පාඨමාලාවන් කොළඹ පිහිටි වෙනත් පරිශ්‍රයක් වෙත රැගෙන ඒමට සිදු විය.

     

    අමාත්‍යවරයා අවධාරණය කළේ, පවත්නා තත්ත්වය හා ඉදිරියේ දී අම්පාර නගරය කොළඹට පමණක් දෙවැනි දියුණු නගරය බවට පත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ දී හාර්ඩි උසස් තාක්ෂණ ආයතනය තුළ මෙම පාඨමාලා යළි ස්තාපිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙහි ද අවධානය යොමු වන බවයි.

     

    ඊට අමතරව ඉහළ ඉල්ලූමක් සහිත සංචාරක නියාමන, ආගන්තු සත්කාර හා හෝටල් ආදී නව පාඨමාලාවන් ද හඳුන්වාදීමට පියවර ගැනීම කෙරෙහි අදාළ අංශයන්ගේ අවධානය යොමු කිරීමට අපේක්ෂා කෙරේ.

     

    මේ අතර, සෑම විටම රජයේ රැකියාවක් ලබා ගැනීම යන සිහිනය පසුපස හඹා නොගොස් තම හැකියාවන් හා දක්ෂතා උපයෝගී කර ගනිමින් ඉදිරියට යා හැකි කුමන වර්ගයේ හෝ රැකියාවක් වෙත යොමු වීම අරමුණු කර ගන්නයැයි අමාත්‍ය දයා ගමගේ මහතා එහි විද්‍යාර්ථීන් වෙත උපදෙස් ලබා දුන්නේය. කැපවීම හා උනන්දුව පවතින්නේ නම් කුමන රැකියාවක් තුළින් හෝ දියුණුව කරා ගමන් කිරීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බව, තමා උදාහරණයට ගනිමින් අමාත්‍යවරයා විසින් මෙහිදී පැහැදිළි කරනු ලැබීය.

     

    දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වූ ගල්ඔය ව්‍යාපාරයේ ප්‍රධාන නේවාසික ඉංජිනේරුවරයා වූ මහාචාර්ය එවන් ඇලන් හාර්ඩි ශ්‍රීමතාණන් විසින් 1956 වසරේ දී හාර්ඩි උසස් තාක්ෂණ ආයතනය ආරම්භ කළේය.

     

    මෙම උත්සවයට කොළඹ සිටින කැනේඩියානු තානාපති ශෙරී වයිට්ල් මහත්මිය, හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා ඇතුළු ආරාධිතයින් පිරිසක් ද හාර්ඩි උසස් තාක්ෂණ ආයතනයේ විද්‍යාර්ථීන්, ආදී ශිෂ්‍යයින්, ආචාර්ය මණ්ඩලය හා දෙමව්පියන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya