ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පළාත් පාලන මැතිවරණය කල්දමන්නට කිසිම වුවමනාවක් නෑ- අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න

    ජනවාරි 19, 2016

    පළාත් පාලන මැතිවරණය කල්දමන්නට කිසිම වුවමනාවක් නැති බවත් පළාත් පාලන මැතිවරණය ජුනි මාසයේ දී අනිවාර්යෙන්ම පැවැත්වීමට ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන් බවත් කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසී ය.

     

    අමාත්‍යවරයා අද (19)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මේ බව පැවසී ය.රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

     

    ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් අය විශාල චෝදනාවක් කරනවා, පළාත් පාලන මැතිවරණය කල්දමා ඇති බවට, එය නීතිවිරෝධියි, ප්‍රජාතන්ත්‍රවාදී නැති බවට.අපට පළාත් පාලන මැතිවරණය කල්දමන්නට කිසිම වුවමනාවක් නෑ.කාගෙවත් වුවමනාවට කල්දැම්මේ නෑ.

     

    පළාත් පාලන මැතිවරණය අලුත් මැතිවරණ ක්‍රමය යටතේ ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.පළාත් පාලන මැතිවරණය සම්පූර්ණයෙන් ම කොට්ඨාශ ක්‍රමයට පැවැත්වෙන්නේ. සියයට 25%ක කාන්තා නියෝජනයක්ද සංයුක්ත කරමින්.

     

    මේ පිළිබඳව නැවතවරක් සමීක්ෂණය කරන්නයි පළත්පාලන මැතිවණය කල්දැමීමට සිදු වුණේ. වෙන හේතුවක් නොවෙයි. ඡන්ද කොට්ඨාශ ක්‍රමය නීර්ණය කළාට පසු අප්‍රේල් 05 පෙර සංශෝධන ඉදිරිපත් කරලා, ගැසට් කරන්නට ජනාධිපතිතුමා උපදෙස් ලබාදී තිබෙනවා. ජූනි මාසයේ දී අනිවාර්යෙන්ම පළත්පාලන මැතිවරණය පවත්වන්නට ජනාධිපතිතුමා උපදෙස් ලබදී ඇති බවද  අමාත්‍යවරය ප්‍රකාශ කළේ ය.

     

    මාධ්‍ය හමුවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමත්‍ය මහින්ද අමරවීර මහතා සහ හිටපු අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න මහතා ද එක්විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya