ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී පේමරත්න බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණ පුණ්‍යෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් Featured

    ජනවාරි 22, 2016
    බද්දේගම තිලක උදාගම ශ්‍රී පේමරත්න බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 21) පස්වරුවේ පැවැත්විණි. 
    බද්දේගම තිලක උදාගම ශ්‍රී පේමරතන බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේ ය.
     
    අනතුරුව ශ්‍රී පේමරතන බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය උනන්විටියේ පේමරතන ස්වාමින් වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක් විමසා කෙටි පිළිසදරක නිරත විය.
    අනතුරුව අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට එක් විය.
    ජපානයේ ප්‍රධාන සංඝ නායක, හචියෝජි සකමුණි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය යාලගමුවේ ධම්මිස්සර අනුනායක ස්වාමින් වහන්සේ විසින් පුණේ‍යා්ත්සවයේ මුලසුන දේශනය සිදු කළ අතර, ගාල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක  මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි පූජ්‍ය කණමුල්දෙණියේ චන්දිවිමල නායක ස්වාමින් වහන්සේ, ගාථ ගගබඩ පත්තුව, වැල්ලබඩ පත්තුව ඇතුථ ගාථ කඩවන් සතරේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ශාස්ත්‍රපති පූජ්‍ය වැලිවිටියේ සුමන නායක ස්වාමින් වහන්සේ ඇතුථ පළාතේ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, චන්දිම වීරක්කොඩි, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ යන මහත්වරුන් ඇතුථ පිරිසක්ද ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක්ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya