ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය විවෘත කෙරේ

    ජනවාරි 28, 2016
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පසුගියදා උපකුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  විවෘත කෙරිණි.
    උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය සම්පාදනය, ප්‍රවර්ධනය හා සංවර්ධනය අරමුණු කරගනිමින් මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය ජාතික ආයතනයක් වශයෙන් ස්ථාපිත කර ඇත.
     
    මෙම ආයතනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨය විසින් පවත්වාගෙන ගිය පශ්චාත් උපාධි ආයතනය වන අතර ඉදිරියේ දී මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා ක්ෂේත්‍රයේ අධ්‍යාපන, පර්යේෂණ හා නව්‍ය චින්තනයේ ප්‍රමුඛස්ථානයක් බවට පත්වීමට අරමුණු කරයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යානය දෙපාර්තමේන්තුවේ ආචාර්ය ජේ. එම්. ආනන්ද ජයවික්‍රම මහතා මෙම ආයතනයේ ප්‍රථම අධ්‍යක්ෂවරයා වශයෙන් පත්කොට ඇත.
     
    මෙම ආයතනය පශ්චාත් උපාධි පාඨමාලා සහ කෙටි කාලීන පුහුණු පාඨමාලා ඉදිරිපත් කරන අතර එම පුහුණු පාඨමාලා පවත්වන විෂයන් ලෙස භූගෝල විද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, ඉතිහාසය, පුරාවිද්‍යාව, සිංහල, දෙමළ, අරාබි, ඉංග්‍රීසි, කළමනාකරණය, ගිණුම්කරණ්‍ය, ආර්ථික විද්‍යාව, සංඛ්‍යානය, මනෝවිද්‍යාව, දර්ශණ විද්‍යාව, අධ්‍යාපනය, පාලී, සංස්කෘත, බටහිර සම්භාව්‍ය සාහිත්‍යය, බෞද්ධ අධ්‍යයනය, ලලිත කලා, ඉස්ලාම් ශිෂ්ඨාචාරය, හින්දු ශිෂ්ඨාචාරය ආදිය අයත් වේ.
     
    වාර්ෂිකව සිසුන් 2,000ත් 2,500ත් අතර ප්‍රමාණයක් ඉහත විෂයන් යටතේ මෙම ආයතනයෙහි පශ්චාත් උපාධි ඩිප්ලෝමා, ශාස්ත්‍රපති, දර්ශනපති හා දර්ශනශූරී පාඨමාලා හදාරනු ලබයි. ශිෂ්‍ය සංඛ්‍යාව පාඨමාලාවන් හි පවත්නා විවිධත්වය ගුණාත්මකභාවය අතින් ගත් කළ මෙම පාඨමාලා ශ්‍රී ලංකාවේ වෙනත් ඕනෑම විශ්වවිද්‍යාලයක් පවත්වන එවැනි පාඨමාලා අතරින් විශාලතම හා ප්‍රශස්තම පාඨමාලා වශයෙන් ද පවතී. ජාත්‍යන්තර වශයෙන් තරඟකාරී හා සමාජයේ අභියෝගාත්මක අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයේ අන්තර්-විෂයානුබද්ධ හා බහු විෂයානුබද්ධ නැඹුරුවක් සහිත නව පශ්චාත් උපාධි වැඩසටහන් ඉදිරියේ දී හඳුන්වා දීමට මෙම ආයතනය අපේක්ෂා කරයි.
     
    මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂය ක්ෂේත්‍රයන්හි දැනුම විමර්ශනය,උත්පාදනය හා හුවමාරුව සදහා මෙම ආයතනය දේශීය හා විදේශීය සිසුන්ට මහඟු අවස්ථාවක් ලබා දෙනු ඇත. 
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya