ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නීතිපති පත් කිරීම ගැන සාකච්ඡා කරනවා

    ජනවාරි 29, 2016

    නීතිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    නීතිපතිවරයා පත් කිරීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයෙන් අනතුරුව අඳහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා අද (29) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

     

    මෙහිදී වැඩිදුරටත් අඳහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා

    මෙතැන ජනාධිපතිතුමාටයි බලය තිබෙන්න්මේ නම් කරන්න.එය අනුමත කිරීමේ බලය තිබෙන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලයටයි.මම ස්විට්සර්ලන්තයට ගිය නිසා මා පමිණි පසු කරනව කිව්වා.දැන් සාකච්ඡා කරගෙන යනවා.

     

    නිතිපතිවරයා පත් කිරීමේ දී නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගන්නත් පුළුවන්,නැතිනම් වෙනත් සුදුසුකම් තිබෙනපෞද්ගලිකනීතිවේදියෙක් ගන්නත් පුළුවන්.නැතිනම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගන්නත් පුළුවන්.මේවා තමයි දැනට අපි සළකාගෙන යන්නේ.

     

    මේ රටේ අධිකරණය නිදහස් කරගන්න සටන් කළේ නීතිවේදී සංගමයයි.එදා සම්ප්‍රදාය යටකරගෙන ගිය කාලයක්.නීතිවේදී සංගමය කතා කරන එකට විරුද්ධද?නීතිවේදීන් ගැන කතා කරන එකට විරුද්ධද?ඒ මිනිස්සුයි සටන් කළේ.ශ්‍රී ලංකා නීතිවේදී සංගමය වුවමනා නෑ කියලද කියන්නේ. ආණ්ඩුව අයින් කළ නිසා සංගමය සමඟ තරහයි.කෙළින් සිටිය එකම කණ්ඩායම තමයි ශ්‍රී ලංකා නීතිවේදී සංගමය.

     

    අධිකරණයට කළ දේවල්, නීතිපතිට කළ දේවල්,අලුතෙන් කියන්න වුවමනා නෑ.ඇයි සභාව ශ්‍රී ලංකා නීතිවේදී සංගමයේ අඳහස් ගන්න එකට විරුද්ධද?මම නීතිවේදී සංගමයට කතා කර අඳහස් ගන්නවා.අරගෙන මම ජනාධිපතිතුමාට කියනවායැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya