මේ සඳහා උතුරු නාවික විධාන රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ මුලිකත්වයෙන් සංවිධානය වූ මෙම ක්ෂේත්‍ර සායනය සඳහා කරෙයිනගර් මූලික රෝහලේ සහ පලෙයිතිව් වෛද්‍ය නිලධාරීන්ගේ සහයෝගය ද ලබාදී ඇති අතර මෙය සාර්ථක කරගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අනුග්‍රහය හිමිව ඇත.
වෛද්‍ය සායනයක් හා දන්ත වෛද්‍ය සායනයක් වශයෙන් පැවති මෙම ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයේ දී ප්‍රදේශයේ විශාල පිරිසකට ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව හිමිව ඇත.
විශේෂඥ අක්‍ෂි පරීක්‍ෂණයේදී තෝරා ගන්නා ලද රෝගීන් 200 දෙනෙකු හට උපැස් යුවල් පරිත්‍යාග කළ බවත් නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ උතුරු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා යටතේ මෙම සංවිධානය කළ බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.