ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    බැංකුවල මුදල් තැන්පත් කිරීමට අදාළව නව නීති පැනවීමක් කර නැහැ

    පෙබරවාරි 15, 2016

    විදේශයන්ගෙන් ලැබෙන මුදල් මෙරට බැංකුවල තැන්පත් කිරීමේ දී ගනුදෙනුකරුවන්ට කිසිදු නව නීති රෙගුලාසි පැනවීමක් සිදු කර නොමැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණ කරයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ගනුදෙනුකරු හඳුනා ගැනීම සඳහා (Know Your Client) වන සාමාන්‍ය නීති රීති පමණක් මෙහි දී ක්‍රියාත්මක වන බවයි.

    ඊයේ (14) පුවත්පතක පල වූ පුවතක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඊයේ මේ බව සඳහන් කළේය.

    විදේශ අයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ආණ්ඩුව දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන බව පෙන්වා දෙන මොහොතක අදාළ පුවත්පත හිතාමතා එම කටයුතුවලට බාධා මතු කිරීමට මෙම පුවත පළ කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

     හෙට ආරම්භ කිරීමට නියමිත ජනාධිපතිතුමාගේ ජර්මානු සංචාරයේ දී එරට ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සූදානමින් සිටින මොහොතක, පළ කර ඇති මෙම පුවත රාජ්‍ය විරෝධී ක්‍රියාවක් ලෙස සලකන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    එබැවින් අදාළ පුවත්පතට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    එහි දී මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ එච්.අමරතුංග මහතා පැවසුවේ කිසියම් මුදලක් මෙරට බැංකුවල තැන්පත් කිරීමේ දී හෙළි කළ යුතු සාමාන්‍ය තොරතුරුවලට අමතරව කිසිදු නව නීති රෙගුලාසි හඳුන්වාදීමක් සිදු කර නොමැති බවයි. එසේ ම ඊට අදාළ කිසිදු ගැසට් නිවේදනයක් නිකුත් කර නොමැති බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya