ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    දිවයින වටා මුහුදු ප්‍රදේශවලට වැසි

    ජූනි 03, 2014

    දිවයින ආසන්නයේ පවතින වායුගෝලයේ කැලඹිලි තත්ත්වය හේතුවෙන් දිවයින වටා වන බොහෝ මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    දිවයින වටා වන බොහෝ මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.සුළං නිරිත දෙසින් හමන අතර, සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී. 50 -60 පමණ දක්වා ඉහළ යා හැක.දිවයින අවට මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, දිවයින අවට මුහුදු ප්‍රදේශවල  සුළං වේගය පැ.කි.මී. 70-80 පමණ ක්ෂණිකව ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා  රළු වීමට වැඩි හැකියාවක් පවතී.

    ධීවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya