ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජර්මනියෙන් ශී‍්‍ර ලංකාවට ලබාදෙන ආර්ථික ආධාර ඉහළට – ජර්මන් චාන්සලර්වරිය ජනපතිට සහතික වෙයි Featured

    පෙබරවාරි 18, 2016

    ජර්මනිය සහ ශී‍්‍ර ලංකාව අතර ආර්ථික සහ වෙළෙද කටයුතු වර්ධනය කර ගැනීම පිළිබද සොයා බැලීමට ජර්මන් ආර්ථික කටයුතු අමාත්‍යවරයා ඇතුථ එරට ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් පිරිසක් ලබන මැයි මාසයේදී ශී‍්‍ර ලංකාවට එවන බවට ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය ජනපතිට සහතික වෙයි.

    ශී‍්‍ර ලංකාව සහ ජර්මනිය අතර ආර්ථික සහ වෙළෙද සබදතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ජර්මනියේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය අතර නිල හමුව ඊයේ (17) සිදු විය.

     

    ජර්මන් වේලාවෙන් අද පෙ.ව 10.50 ට පමණ ඇන්ජෙලා මර්කල් චාන්සලර්වරියගේ නිල කාර්යාලයේදී මෙම හමුව සිදු කෙරිණි.

     

    එහිදි ඇන්ජෙලා මර්කල් චාන්සලර්වරිය විසින් ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගත් අතර හමුදා උත්තමාචාරද සහිතව අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය. දෙරටේම ජාතික ගී ද එහිදී වාදනය කෙරිණි. ජනාධිපතිතුමා පැමිණෙන මග දෙපස ශී‍්‍ර ලංකා සහ ජර්මන් ජාතික ධජවලින් සරසා තිබුණේ දෙරටේ සමීප සබ`දතාවය විදහා දක්වමිනි.

     

    සිය රටේ ඉහළම ගෞරවය ප‍්‍රදානය කරමින් ලෝකයේ බලවත්ම රාජ්‍ය නායිකාව වූ ඇන්ජෙලා මර්කල් මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිතුමා පිළිගැනීම විශේෂ සිදුවීමක් විය.

     

    පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව නායක දෙපළ අතර ද්වි පාර්ශවික සාකච්ඡුා ආරම්භ කෙරිණි.

    දෙරටේ ද්වි පාර්ශවික සබදතා ශක්තිමත් කර ගැනීම පිළිබද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡුා කෙරුණු අතර දෙරට අතර ආර්ථික සහ වෙළද කටයුතු ප‍්‍රවර්ධනය කර ගැනීම පිළිබද විශේෂ අවධානය යොමු විය.

     

    ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝග නිවාරණ කටයුතු සදහා සහයවන ලෙස ජනාධිපතිතුමා මෙහිදී ජර්මන් චාන්සල්වරියගෙන් ඉල්ලා සිටී අතර ඒ සදහා ක්ෂණික ප‍්‍රතිචාර දැක්වූ චාන්සලර්වරිය ජලය පිරිසිදු කිරීමේ කි‍්‍රයාවලියේදී ශ‍්‍රි ලංකාවට සහය දැක්වීමටත්, ජනතාව වකුගඩු රෝගයට ගොදුරුවීම පිළිබද පරික්ෂණ පැවැත්වීමට ජර්මනියේ සහය ලබාදීමටත් සිය එක`ගතාවය පළ කළාය.

     

    ශී‍්‍ර ලංකාවේ සංහිදියා වැඩපිළිවෙල පිළිබද සිය සතුට පළ කළ ඇන්ජෙලා මර්කල් මහත්මිය දකුණේ මෙන්ම උතුරේ ජනතාවද අද සතුටින් ජීවත්වන බව තමාට අසන්නට ලැබුණු බවත් උතුරේ ජනතාවගේ සුබසාධන කටයුතු සදහා ජර්මන් රජයේ සහය ලබාදෙන බවත් ප‍්‍රකාශ කළාය.

     

    එමෙන්ම ශී‍්‍ර ලංකාවේ වෘත්තීය පුහුණු ක්ෂේත‍්‍රයේ සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත‍්‍රයේ වර්ධනය වෙනුවෙන් ජර්මන් රජයේ ආධාර ලබාදීමටද චාන්සලර්වරිය කැමැත්ත පළ කළාය.

     

    යුරෝපා සංගමය විසින් ශී‍්‍ර ලංකාවට පැනවූ මත්ස්‍ය අපනයන තහනම පිළිබදවද මෙහිදී අවධානයට ලක්වූ අතර ඒ පිළිබද සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බවත් එහි වාර්තාව අනුව ඉදිරි කටයුතු සොයා බලා ඉදිරි පියවර ගන්නා බවත් චාන්සලර්වරිය ප‍්‍රකාශ කළාය.

    එමෙන්ම ඝ්Sඵ් + සහනය නැවත ශී‍්‍ර ලංකාවට ලබාගැනීමට සහය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා ජර්මන් චාන්සල්වරියගෙන් ඉල්ලා සිටි අතර ඒ පිළිබද සොයා බලන බවද එතුමිය සදහන් කළාය.

     

    ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපතිතුමා මෙහිදී ඇන්ජෙලා මර්කල් මහත්මිය වෙත ආරාධනා කර සිටී අතර එම ආරාධනය චාන්සලර්වරිය විසින් ඉතා කැමැත්තෙන් පිළිගනු ලැබීමද විශේෂ සිදුවීමක් විය.

     

    අමාත්‍යවරුන්වන මංගල සමරවීර, රවී කරුණානායක, මහින්ද සමරසිංහ, දයා ගමගේ, මලික් සමරවික‍්‍රම , ජර්මනියේ ශී‍්‍ර ලංකා තානාපති කරුණාතිලක අමුණුගම යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya