ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජර්මන් – ශී‍්‍ර ලංකා ජනපතිවරු හමු වෙති

    පෙබරවාරි 19, 2016

    ජර්මනියේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජර්මන් ජනාධිපති ජොචිම් ගවුක් මැතිතුමා (Joachim Gauck) අතර නිල හමුව  බර්ලිනයේ පිහිටි බ්ලේවියු මන්දිරයේ දී (Bellevue Palace) පැවැත්විණි.

    ජර්මන් ජනාධිපතිතුමා විසින් මෙහිදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර අනතුරුව රාජ්‍ය නායක දෙපළ අතර සාකච්ඡුා ආරම්භ කෙරිණි.

     

    දශක පහකට වැඩි කාලයක සිට ජර්මන් රජය ශ‍්‍රී ලංකාෙවි සංවර්ධන කටයුතු සදහා ලබා දෙන දායකත්වයට මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේදී දෙරට අතර මිත‍්‍රත්වය වැඩිදියුණු කර ගැනීමට කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.

     

    ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සංහිදියාව තහවුරු කරමින් ඉදිරියට යන ශී‍්‍ර ලංකාවේ ඉදිරි ගමන් මග සදහා ජර්මන් රජයෙන් ලබාදිය හැකි ඉහළම දායකත්වය ලබාදෙන බවට ජර්මන් ජනාධිපතිවරයා මෙහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සහතික විය.

    ශී‍්‍ර ලංකා – ජර්මන් අතීත සබදතා පිළිබදව ද සිහිපත් කරමින් රාජ්‍ය නායක දෙපළ සුහද සාකච්ඡුාවක නිරත විය.

    රාජ්‍ය නායක හමුව සනිටුහන් කරමින් ජනාධිපතිතුමා විසින් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya