රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දොපර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,ඉන්ධන සහනය ජනතාව වෙත ලබාදීමේ වැඩ පිළිවෙල ආරම්භ කරලා තිබේ. 2014 වසරේ මැද භාගය දක්වා තෙල් මිල රුපියල් 120-140 අතර විය. එහි දී ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබමින් ජනතාවට සහන මිලට තෙල් ලබා දීමට සිදු විය. ඒ තුළින් ඛණිජ තෙල් නීති ගත සංස්ථාවට විශාල පාඩුවක් විඳීමට සිදුවිය. ඒ වෙනුවෙන් අද ණය වාරිකයේ මාසික පොළිය බිලියන 1.2 ක් ගෙවීමට සිදු වේ.
පසුගිය වසරේ ජනවාරී මාසයේ දී විශාල වශයෙන් තෙල් මිල අඩු කිරීමක් කරන ලදි. තවත් මිල අඩු කිරීමට අපි කැමතියි. නමුත් එහි දී තෙල් ඍජුවම පරිභෝජනය නොකරන ජනතාව මත ද විශාල ණය බරක් පැටවේ. ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් මේ වන ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බවද වැඩි දුරටත් පැවසීය.
බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා,හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා ද මේ අවස්ථාවට සහභාගී වූහ.
AP