ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අනාගත පරපුර වෙනුවෙන් පාසල පෙරමුණු ගත යුතුයි Featured

    මාර්තු 25, 2016

    දරුවන්ගේ සහ මව්වරුන්ගේ ජීවිතවලට රුපියල් ශතවලින් වටිනාකම් දෙන යුගයක, අහිංසක සතුන් අමු අමුවේ හම ගසන වනචාරී මිනිසුන් සිටින සමාජයක සදාචාරවත් අනාගත පරපුරක් ගොඩනැගීමට පාසල පෙරමුණගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට ඊයේ (24) පෙරවරුවේ එක් වෙමිනි.

    භෞතික සම්පතින් රට කෙතරම් සංවර්ධනය වුවද එහි ජීවත්වන මිනිසුන් සදාචාරවත් මිනිසුන් නොවුණහොත් එම සංවර්ධනයේ ප‍්‍රතිඵල ලබාගත නොහැකි බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

    රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට රජය කි‍්‍රයාත්මක කර ඇති වැඩපිළිවෙල තුළ අද දරුවන් විභාගවලින් ඉහළ ප‍්‍රතිඵල ලබා ගනිමින් සිටින බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා වෘත්තීය හා තෘතීය අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ද ජාතික මට්ටමේ අධ්‍යාපන ආයතන රැුසක් මේ වසරේ ආරම්භ කරන බව පැවසීය.

    අද රටේ ජාතික ආර්ථිකයට ඉහළම දායකත්වයක් මෙන්ම වැඩිම විදේශ විනිමයක් උපයා දෙන්නේ අපේ කාන්තාවන් බවත් නවෝත්පාදන ආර්ථිකය ස`දහා මානව සම්පත සංවර්ධනය කරමින් රටේ ශ‍්‍රම බලකාය පුහුණු ශ‍්‍රම බලකායක් බවට පත් කිරීම රජයේ අරමුණ බවත් පැවසීය.

    විශිෂ්ටතා දැක්වූ සිසුවියන්ට ත්‍යාග සහ සහතික ප‍්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    එමෙන්ම විද්‍යාලයේ විශිෂ්ට සේවයක නියුතු ගුරු මහත්ම මහත්මීන් ඇගයීමට ලක් කරමින් උපහාර තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    ජනාධිපතිතුමාගේ සම්ප‍්‍රාප්තිය සනිටුහන් කරමින් විදුහල්පතිනි පී.ආර්. මල්ලිකා මහත්මිය විසින් ජනාධිපතිතුමා වෙත ද සමරු තිළිණයක් ප‍්‍රදානය කළාය.

    අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය අමාත්‍ය චම්පික පේ‍්‍රමදාස, සබරගමුව පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන් ඇතු`ථ මහජන නියෝජිතයින් පිරිසක් ද, විදුහල්පතිනිය, ආචාර්ය මණ්ඩලය, ගුරුවරුන්, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya