ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    “විදුලි වාසනා" තරගයෙන් විදුලි පාරිභෝගිකයින් 1000කට නොමිලේ විදුලිය Featured

    මාර්තු 29, 2016

    ලබන අප්‍රේල් මාසයේ සිට ආරම්භ කෙරෙන ගෘහස්ත පාරිභෝගික "විදුලි වාසනා" තරගයේ අප්‍රේල් මාසයේ ජයග්‍රහක විදුලි පාරිභෝගිකයින් 1000කගේ අප්‍රේල් මස සම්පූර්ණ විදුලි බිල අඩු කරන බවත් එහිදී මාර්තු මස වඩා විදුලි ඒකක 20%කින් අප්‍රේල් මස අඩු විය යුතු බවත්  විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    එසේම මාර්තු මස විදුලි පරිභෝජනය ඒකක 10%කට වඩා අඩු අප්‍රේල් විදුලිය පාරිභෝගිකයින් 5,000කට අප්‍රේල් මාසයේ විදුලි බිලෙන් 50%ක් කපා හරින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ඒ සඳහා ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින් කෙටි පණිවුඩයක් (SMS) පණිවුඩයක් එවා මුලින්ම ලියාපදිංචි විය යුතු බව ද සඳහන් කළේය.

    ලියපදිංචි වීම සඳහා L<හිස්තැනක්>විදුලි සේවා ගිණුමේ අංකය 1987 අංකයට එවිය යුතු ය.

    ඉහත ආකාරයට කෙටි පණ්වුඩ එවන පාරිභෝගිකයින් ස්ථීර කිරීමේ පණිවුඩයක් “ ඔබ විදුලිබලය සංරක්ෂණය කිරීමේ තරගයට ලියාපදිංචි වී ඇත“ යනුවෙන් පණිවුඩයක් ද ලැබෙනු ඇත.

    එසේම මෙම ලියාපදිංචි වන ගෘහස්ථ  පාරිභෝගිකයින්ගේ ලබන අප්‍රේල් සහ මැයි මස විදුලි පරිභෝජනය ( කිලෝවොට් පැය/ ඒකක) ඉදිරි දින 30ක පරිභෝජනය හා සංසන්දය කරනු ලැබේ.

    මේ පිළිබඳ වැඩිදුර විස්තර ඔබ ප්‍රදේශයේ විදුලි ඉංජිනේරු වෙතින් හෝ ලංකා විදුලිබල මණ්ඩලයේ  WWW.ceb.lk වෙබ් අඩවියෙන්  ලබා ගත හැකි ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya