ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සංහිඳියාවේ සත්විරුගම නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීම 3 දා

    මාර්තු 30, 2016

    වව්නියාව කොක්එලිය  ප්‍ර‍දේශයේ ඉදි කළ "සංහිඳියාවේ සත්විරුගම" නිවාස  ව්‍යපෘතිය සත්විරුවන් වෙත  පැවරිමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන්  ලබන 03 වන දින සිදු කෙරෙන  බව  ආරක්ෂක අමාත්‍ය ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පැවසීය.

    මෙම ව්‍යාපෘතිය යටතේ  නිවාස 51ක් ඉදි කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය  හමුවේදී ලේකම්වරයා ප්‍රකාශ කළේය.       

    සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයක්ද සම්ප්‍රදායන් හා චාරිත්‍ර සමඟ සිදු කිරිමට කටයුතු සුදානම් කර ඇති බවත් ජාතීන් අතර සංහිඳියාව වැඩි දියුණු  කිරීමේ  අරමුණින් මෙවැනි වැඩසටහන්  ක්‍රියාවට  නංවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.  

    මෙම නිවාස ව්‍යාපෘතිය පර්චස් 40 බැගින් වූ ඉඩම් කොටස් 80කින් සමන්විතය.

    ආරක්ෂක අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ  ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 56 සේනාංකයේ මෙහෙයවිමෙන්,   අපි වෙනුවෙන් අපි  නිවාස අරමුදලින්  සහ රජයේ අරමුදල් යොදවා ඇත.

    මෙම එක් නිවසක් සඳහා රුපියල් මිලියන 02ක් වැය කර තිබෙන් අතර  අනෙකුත් පොදු  පහසුකම්‍ ලෙස ක්‍රීඩා පිටියක් , ප්‍රජා ශාලාවක් හා ළමා උද්‍යානයක් ද ලබා දිමට කටයුතු  කර ඇති බව ලේකම්වරයා පැවසිය.

    තවද නිවාසයන්හි  ගෙවතු  සැකසීම හා අලංකරණය සඳහා අදාළ රෙජිමේන්තුවල සහය ලබා ගැනීම සඳහා ද කටයුතු කර ඇත.    

    ඒ මහතා ප්‍රකාශ කර සිටියේ  මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන්  අතර දමිල ජාතික කාන්තා සෙබළියන් ද ,දමිල ජාතික කාන්තාවන් විවාහ  කරගත් යුද්ධ හමුදා  සෙබලුන් හා දරුවන්  හත් දෙනකුගේ පිතෘත්වය දරණ හමුදා සෙබලකුද ඇතුලත් වන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya