ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ග්‍රාම නිළධාරීන් නිල බලයෙන් සාම විනිසුරුවරුන් බවට පත්කෙරේ Featured

    අප්‍රේල් 03, 2016

    දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරීන් නිල බලයෙන්ම සාම විනිසුඑුවන් බවට පත් කිරීටම අදාල පත්වීම් පිරනැමීමේ උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්  ලබන 07 වැනි දා අරලිය ගහ මන්දිරයේදී සිදු කෙරෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

    මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම හා ඵලදායීව ඉටු කිරීම සදහා දිවයිනේ පහලොස් දාහකට ආසන්න ග්‍රාම නිලධාරීවරුන් ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදී සාම විනිසුරුවරුන් ලෙස නිලබලයෙන්  කටයුතු කරන සාම විනිසුරුවරුන් ලෙස පත්කිරීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

    අධිකරණ අමාත්‍යාංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන මෙම නිල උත්සවයේදී දිස්ත්‍රික් 25 නියෝජනය වන පරිදී ග්‍රාම නිලධාරීවරුන් 100ක් දෙනා සංකේතාත්මකව ජනාධිපතිතුමන් අතින් පත්වීම් පිරිනැමීම සිදු වේ.

    සෙසු ග්‍රාම නිලධාරීවරුන්ට පත්වීම් පිරිනැමීම අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන හා එම අමාත්‍යාංශ වල ලේකම්වරුන් අතින් සිදු කෙරෙන අතර, නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරිපත් කෙරෙන මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම ඉලක්ක  කරගත් වීදි නාට්‍යක් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන සංස්කෘතික අංගයන්ද ඇතුලත් වන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

    1978 අංක 02 දරණ අධිකරණ සංවිධාන පනතේ 45 වන වගන්තියට අනුව අධිකරණ අමාත්‍යවරයා වශයෙන් පැවරි තිබෙන බලතල උපයෝගී කරගෙන ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම තීරණය ගෙන ඇති අතර,එය 2016 පෙබරවාරි මස 18 වන දින ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 1954/34 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පලකර ප්‍රසිද්ධ කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.

    මෙමගින් දිවයිනේ ස්ථිර සේවයේ යෙදී සිටින සෑම ග්‍රාම නිළධාරීවරයෙකුටම ඔහුගේ ග්‍රාම නිළධාරී වසමේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා නිල බලයෙන් සාම විනිසුරුවරුන් ලෙස පත්වන අතර, එකී ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ සාම විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් සහ ප්‍රතිඥා සහතික කිරීමේ බලය හා  ශ්‍රීලංකා රාජ්‍ය සේවයේ කටයුතු කිරීමේදී ඊට අදාළ ලියකියවිලි නිර්දේශ කිරීම, තහවුරු කිරීම,පුද්ගල අනන්‍යතාව තහවුරු කිරීම, අත්සන් තහවුරු කිරීම හා ඊට අදාළ වගකිවයුතු රාජකාරි ඉටු කිරීමට සාම විනිසුරුවරුන්ට බලය පැවරෙන අතර, ඉදිරියේදී  සාම විනිසුරු සේවාව සඳහා නීත්‍යානුකූලව පැවරෙන වෙනත් බලතල හා වගකීම් ද මෙයට ඇතුළුත් වන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.


    ග්‍රාම නිලධාරීවරුන් නිලබලයෙන් සාම විනිසුරුවරුන් ලෙස පත්කිරීමෙන් මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් ග්‍රාමීය මට්ටමේ සිට ඉටු කර ගැනීමට විශේෂ අවස්ථාවක්  ලැබෙන බැවින්, මහජන සේවාවන් වඩාත් තෘප්තිමත් වනු ඇතැයි රජය විශ්වාසය පලකරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya