ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන සම්මේලනයේ ආසියානු කලාපයේ සභාපති ධුරය ශ්‍රී ලංකාවට Featured

    අප්‍රේල් 05, 2016
    එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන සම්මේලනයේ ආසියානු කලාපයේ සභාපති වරයා ලෙස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පත් වේ.
    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු රටවල් නියෝජනය කරමින් තායිලන්තයේ  බැංකොක් නුවර මෙම සම්මේලනය පැවැත්වෙන අතර  ශ්‍රී ලංකාවට මෙවැනි තනතුරක් හිමිවු පළමු අවස්ථාවද මෙය වේ. ජයවික්‍රම පෙරේරා මහතා හට මෙමගින් ආසියානු කලාපයේ රටවල් 55 කට අධික ප්‍රමාණයකට නායකත්වය ලබා දිම සහ 2030 වනවිට සම්පුණ කළ යුතු එක්සත් ජාතීන්ගේ සම්මුතීන් 17 ක්‍රියාත්මක කිරීමට 2017 වසර වනතෙක් බලය සහ වගකීම ලැබී ඇත. 
     
    මෙම සම්මේලනයේ දී  අදහස් දැක්වු අමාත්‍යවරයා , පාරිසරික ප්‍රාග්ධනය  ශ්‍රී ලංකාවේ ධනය බවත් සංවර්ධන ක්‍රියාදාමයේදී අවම පාරිසරික සම්පත් ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගනිමින් අපගේ ජාතික ධනය වන පාරිසරික වස්තුන් සුරක්ෂණය කිරීමට වත්මන් රජය බැදී සිටින බව පැවසීය.
     
    එසේම ශ්‍රී ලංකා රජය ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම සදහා විශාල පරිශ්‍රමයක් දරන බවත් වරප්‍රසාද සියලු රටවැසියන් සඳහා සමසේ බෙදීයන ආකාරයට ක්‍රියා කරන බවත් පැවසිය.වර්තමාන ආණ්ඩුව යහපාලනය තුලින් ප්‍රජාතන්ත්‍රවාදය එලෙසින්ම ක්‍රියාත්මක කරන බවත් ජාතික සංහිදියාව ඔස්සේ රටේ සංවර්ධන වැඩපිළිවෙල සාර්ථකව සිදුකරන බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya