ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ධීවර ක්ෂේත්‍රය “නිල් ආර්ථිකය” වෙත පියනගයි.

    අප්‍රේල් 07, 2016
    ශ්‍රී ලංකා ධීවර ක්ෂේත්‍රය “නිල් ආර්ථිකය” වැඩ සටහන අරමුණු කරගෙන නිර්මාණය කරන ලද නිල ලාංඡනය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම පසුගියදා ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.
    මෙම වැඩ සටහන හරහා දේශීයව හා විදේශීයව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ව්‍යාපෘති ගණනාවක් දියත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි අමාත්‍යවරයා පියවර ගෙන ඇත. එය ජනාධිපතිතුමාගේ පැසසුමට ලක්විය.
     
    ධීවර ක්ෂේත්‍රය කොළ ආර්ථිකය පසුකරමින් නව උත්පාදන හරහා නව රැකියා අවස්ථා උදාකරමින් නිල් ආර්ථිකයක් කරා මුළු ලොවම පියනගන මොහොතේදී ශ්‍රී ලංකා ධීවර ක්ෂේත්‍රය කෙරෙහි ද දේශීය හා විදේශීය ආකර්ෂණය දිනා ගැනීම උදෙසා මෙම ලාංඡනය පිළිගන්වනු ලැබීය.
     
    “නිල් ආර්ථිකය” හරහා ඉලක්ක දිනාගැනීමට දියත් කරන මෙම වැඩ පිළිවෙල ශ්‍රී ලංකාව තුල ප්‍රථම වැඩසටහන ලෙස එළිදැක්වීමට හැකිවීම පිළිබදව තමා නිහතමානීව ආඩම්බර වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
     
    නිල් පැහැය තුල  දස දහස් ගණන් වූ වර්ණ සංකලන මෙන්ම  මහා සාගරයේ ඇති සම්පත්ද ගවේෂණාත්මක ලෙස එකින් එක නෙලා ගනිමින් ශ්‍රී ලංකා ධීවර ක්ෂේත්‍රය “නිල් ආර්ථිකය”තුලින් දේශීය හා විදේශීය ප්‍රවර්ධනය කර ආර්ථික ඉලක්ක ජයගැනීම තම ඒකායන අරමුණ බව ද අමාත්‍යවරයා පැවසීය.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya