ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මත් උවදුර ගැන පකිස්ථානය සහ ශ්‍රී ලංකාව සාකච්ඡා කරයි Featured

    අප්‍රේල් 27, 2016

    මත් උවදුර සම්බන්ධයෙන් පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර සාකච්ඡාවක් පසුගියදා පකිස්ථානයේ අභ්‍යන්තර කටයුතු සහ මත්ද්‍රවය උවදුර පිටුදැකීමේ අමාත්‍ය චෞද්රි නිසාර් අලි ඛාන් මහතා  සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය  සාගල රත්නායක මහතා අතර පැවැත්විණි.

    ඒ පසුගියදා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ පැවති ලෝක මත් උවදුර පිළිබඳ ජගත් සංවිධාන විශේෂ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පකිස්ථානයේ අභ්‍යන්තර කටයුතු සහ මත්ද්‍රවය උවදුර පිටුදැකීමේ අමාත්‍ය චෞද්රි නිසාර් අලි ඛාන් මහතා මුණගැසුණු අවස්ථාවේදී ඒ මහතා විසින්  සිදුකරන ලද ආරාධනයකට  අනුව මෙම සාකච්ඡාව පැවැත්විණි.

    නිව්යෝක් නුවරදී පැවති සාකච්ජාවලදී මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සම්බන්ධයෙන් දෙරටේ අමාත්‍යවරුන් දෙදෙනාගේ වැඩි අවදානයක් යොමුව තිබේ.

    ඒ අනුව දෙරටේ මත්ද්‍රවය නාශක කාර්යාංශ, බුද්ධි අංශ සහ දේශපාලන අධිකාරීන් එක්වී මත්ද්‍රවය උවදුර මැඩලීම සදහා ඒකාබද්ධ වැඩසටහනක් දියත් කිරීම සඳහා අවදානය යොමු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ජා පැවැත්වීම මෙහිදී සිදු කෙරිණි.

    මෙරටදී අත්අඩංගුවට ගනු ලැබූ මහා පරිමාණ මත්ද්‍රවය තොග සමඟ පාකිස්ථාන ජාතිකයන් සම්බන්ධවී සිටීම නිරන්තරයෙන් දක්නට ලැබෙන අතර එනම් මෙරටට මත්ද්‍රව්‍ය පැමිණෙන ප්‍රධාන මාර්ගයක් බවට පකිස්ථානය පත්ව තිබ යනාදී කරුණු මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.

    එමෙන්ම පසුගියදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රුපියල් අට කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා බ්රවුන් සුගර් වර්ගයේ මත්කුඩු තොගයක් අත්තඩන්ගුවට ගත් අතර එයද මෙරටට රැගෙනවිත් තිබුනේ  පාකිස්තානු ජාතිකයෙකු විසිනි.

    ඒ අනුව මත්උවදුර මැඩලීම සම්බන්ධයෙන් දෙරට අතර සිදුවන සාකච්ජා තීරණාත්මක වනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya