මැයි 11 වෙනිදාට යෙදෙන තැල්සීමියා දිනය වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදු කෙරුණු අතර තැල්සීමියා රෝගී දරුවන් පස් දෙනෙකු වෙත එම උපකරණ ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
එමෙන්ම එම දරුවන් වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් ද ජනාධිපතිතුමා විසින් සිදු කළේය.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ආර්.සී විජේගුණරත්න මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීම ද සිදු විය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථයක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ආර්.සී විජේගුණරත්න, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ. වික්‍රමසිංහ, වෛද්‍ය තිලක් සිරිවර්ධන යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



















