ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කටුනායක ගුවන් නගරයට ජාත්‍යන්තර ක්‍රීඩා මධ්‍යස්ථානයක්

    මැයි 07, 2016

    කටුනායක ඉදිකරන ගුවන් නගරය ජාත්‍යන්තර ක‍්‍රීඩා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


    දකුණු ආසියානු මීටර් 100 ශූරයාට හා ශූරියට Waters Edge ආයතනයේ ක‍්‍රීඩා  ක්‍රීඩා සන්නම තානාපති තනතුරු 2ක් ප‍්‍රදානය කරමින්  ඊයේ (06) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පසුගියදා දකුණු ආසියානු මීටර් 100 තරගයේ ජයග‍්‍රහණ ලැබු නිමේශ කේෂාන් සහ රුමේෂිකා රත්නායක යන ක‍්‍රීඩකයින් දෙදෙනාට එකී ක‍්‍රීඩා සන්නාම තානාපති තනතරු පිරි නැමිණි.

    ක‍්‍රීඩකයාට හා ක‍්‍රීඩිකාවට ඔවුන්ගේ ක‍්‍රීඩාව දියුණු කිරීමට සහය දැක්වීම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයට අනුබද්ධිත Waters Edge ආයතනයේ සමාජ සත්කාරක වැඩපිළිවෙළේ ඉදිරි පිම්මක් ලෙසද දකින බව අමාත්‍යවරයා පෙන්වා දුන්‍‍ නේය.


    මෙම ආයතනය තුළදී සංචාරකයන් හට ක‍්‍රීඩා 35ක පමණ ප‍්‍රමාණයක් නිරත විය හැකි ආකාරයට පහසුකම් වැඩි දියුණු කර ඇති බවත්, ඒ තුළින් සංචාරක හා ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ දියුණුවට මහඟු පිටුවහලක් වනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

    මෙම දෙපළට අත්දැකීම් ලබා දෙමින්, නිසි මග පෙන්වා මීළඟ ඔලිම්පික් තරගාවලියට සහභාගි කරවීමට අවශ්‍ය පහසුකම් ලබා දිය යුතු බවත්  ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩාව දියුණු නොවීමට හේතුවී ඇත්තේ අවශ්‍ය තාක්ෂණය සහ අවශ්‍ය පුහුණුව නිසි ආකාරව නොලැබීම බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .

    මීළඟ ආසියානු තරගාවලියේ හා ඔලිම්පික් තරගාවලියේ ජයග‍්‍රහණ ඉලක්ක කරගනිමින් මනා කළමනාකරණයක් සිදු කළ යුතු බවත් ඉදිරියේ දී  Waters Edge ආයතනය ජාත්‍යන්තර ක‍්‍රීඩා මධ්‍යස්ථානයක් ලෙස දියුණු කරන්නාක් මෙන්ම කටුනායක ඉදිවන ගුවන් නගරය ජාත්‍යන්තර ක‍්‍රීඩා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමටද බලාපොරොත්තු වන අතර නුවරඑළිය ප‍්‍රදේශයේ ඉදිරි කාලයේදී තවත් ක‍්‍රීඩා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට Waters Edge ආයතනයේ සභාපති චමිත්ද සිල්වා මහතා, ක‍්‍රීඩක නිමේශ කේෂාන් මහතාගේ සහ  ක‍්‍රීඩිකා රුමේෂිකා රත්නායක මෙනවියගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya