ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර විද්‍යා හා ඉංජිනේරු ප‍්‍රදර්ශනයට යන සිසුන්ට ගුවන් ටිකට්පත් ප‍්‍රදානය කෙරේ

    මැයි 07, 2016

    ජාත්‍යන්තර විද්‍යා ඉංජිනේරු ප‍්‍රදර්ශනය සඳහා මෙරට නියෝජනය කරමින් සහභාගිවන සිසුන් තිදෙනෙකු සඳහා අවශ්‍ය ගුවන් ටිකට්පත් ප‍්‍රදානය කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන්  ඊයේ (06) සිදු කෙරිණි.


    අධ්‍යාපන අමාත්‍යාංශය සහ Intell ආයතනය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන නව නිපැයුම් තරගාවලියේ දී ප‍්‍රථම,  දෙවන සහ තෙවන ස්ථාන හිමි කරගත් සිසුන් තිදෙනා රටවල් 75 ක සහභාගීත්වයෙන් හෙට (08)  දින ලබන 13 දින දක්වා ඇමරිකාවේ ඇරිසෝනා හි පැවැත්වෙන ජාත්‍යන්තර නව නිපයුම් තරඟාවලිය සඳහා මෙරට නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබේ.

    මෙම තරඟාවලියට රටවල් රැසක් නියෝජනය කරමින් 1,700 කට අධික සිසුන් පිරිසක් සහභාගිවීමට නියමිතය.

    ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් සහභාගිවන කණ්ඩායමට  සමස්ත ලංකා නව නිපයුම් තරගාවලියේ දී වැඩිදියුණු කරන ලද සීරු මාරු කළ හැකි කිහිලිකරුවක් නිර්මාණය කරමින් ප‍්‍රථම ස්ථානය හිමිකර ගත් හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ටී.ඩී. චමිඳු ජයශංඛ, ඇමරිකානු හස්ත සංඥා පරිවර්තකයක් නිර්මාණය කරමින් දෙවන ස්ථානය හිමි කර ගත් බීවර් ජාත්‍යන්තර පාසලේ (Belvoir College International)අභිෂේක් එස්. ගෝමස් සහ නැනෝ තාක්ෂණය උපයෝගී කර ගිනිමින් පිළිකා ශෛල නැසීමේ ක‍්‍රමවේදයක් හඳුන්වා දෙමින් තෙවන ස්ථානය දිනාගත් මාදම්පේ සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ පී.එම්. ලෝචන පියුමන්ත පෙරේරාත් ඇතුළත්ය.

    මෙම ගුවන් ටිකට්පත් ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත පේ‍්‍රමතිලක මහතා,  Intell  ආයතනයේ ශී‍්‍ර ලංකා කළමනාකරු ඉන්දික ද සොයිසා මහතා සහ ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂා අමරසිංහ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya