ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො. බිලියන 3ක් Featured

    මැයි 09, 2016

    ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක (03)  මූල්‍ය ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාවය පළකර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඉදිරි 2017, 2018, 2019 වසර තුනක  කාලය සඳහා,  සහන පොලී අනුපාතයක් යටතේ මෙම මූල්‍ය ආධාර ලබාදීමට නියමිතය.

    පසුගිය 02  සිට  05 දින දක්වා  ජර්මනියේ  ෆ්‍රැන්ක්ෆර්ට්හිදී  පැවති ආසියානු සංවර්ධන බැංකුවේ 49 වෙනි මුදල් අමාත්‍යවරුන්ගේ වාර්ෂික සමුළුවේදී මෙම එකඟතාවය පළවී ඇත.

     

    ශ්‍රී ලංකාව වෙනුවෙන් සමුළුව නියෝජනය කළේ මුදල් අමාත්‍ය රවී කරුණානායක එක් වූ අතර නව දුම්රිය මාර්ග, වරාය සංවර්ධන, විදුලිය සම්ප්‍රේෂණ මාර්ග වැඩිදියුණු කිරීම, මහා මාර්ග හා ප්‍රවාහන පද්ධතිය සංවර්ධනය සඳහා මෙම මූල්‍යාධාර ලබාදීම සිදු වේ.

     

    එම මූල්‍යාධාර මෙරට ප්‍රධාන පෙළේ සංවර්ධන  ව්‍යාපෘති සඳහා වෙන්කර තිබීම ඇත. සාමාන්‍යයෙන් ආසියානු සංවර්ධන බැංකුව වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ත් 500 ත් අතර මුදලක් ශ්‍රී ලංකාවට ලබාදෙනු ලබන අතර මෙම මූල්‍යාධාර හිමි වන්නේ ඊට අතිරේක වශයෙන් වීම ද තවත් විශේෂත්වයකි.


    මීට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර කටයුතු නඟාසිටුවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක අතිරේක මුදලක් ලබාදීමට ද ආසියානු සංවර්ධන බැංකුව එකඟතාවය පළකර තිබේ.
     
    ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් හි  පැවති ආසියානු සංවර්ධන බැංකුවේ  මුදල් අමාත්‍යවරුන්ගේ වාර්ෂික සමුළුවට සහභාගිවී පසුගිය දා (06) රාත්‍රියේ දිවයිනට පැමිණි මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා කටුනායක ගුවන්තොටුපලේදී    මාධ්‍යවේදීන්  හමුවේ කියා සිටියේ

    ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ පවතින ඉදිරි සැළසුම් සලකා බලා එය තවදුරටත් ශක්තිමත් කිරීමට ආසියානු සංවර්ධන බැංකුව සහාය ලබාදීමට ගත් තීන්දුව, ශ්‍රී ලංකාවේ ගෞරවයට පාත්‍රවිය යුතු බව එම සමුළුව අවසන් කර මෙරටට පැමිණි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කරයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඒකාබද්ධතාවයෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා වන සැළසුම් පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුව දැඩි විශ්වාසය තබා ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඒ අනුව ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර වැඩිකිරීමටත් එය සහන පදනමක් යටතේ ක්‍රියාත්මක කිරීමටත් ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළකළ  බවද අමාත්‍යවරයා  වැඩිදුරටත් පැවසීය.

     

    ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවරදී පැවති ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් අමාත්‍යවරුන්ගේ 49  වන වාර්ෂික සමුළුවට එම බැංකුව නියෝජනය කරමින් රටවල් 67 ක මුදල් අමාත්‍යවරු ඇතුළු මුල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් 3,000 ක් පමණ සහභාගි වී සිටියහ.  මෙවර සමුළුවේ තේමාව වී තිබුනේ "ස්ථාවරත්වය සඳහා සහයෝගීතාවය" (Cooperating for sustainability) යන්නය.

     

    සමුළුවේදී  ශ්‍රී  ලංකාව සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ  විශේෂ අවධානය යොමුවීම ඉතා වැදගත් අවස්ථාවක් විය.  එම සමුළුව අතරතුර රවී කරුණානායක මහතා ජපාන මුදල් අමාත්‍ය ටාරෝ අසෝ මැතිතුමා ඇතුළු රටවල් රැසක මුදල් අමාත්‍යවරුන් සමග සාකච්ඡා පැවැත්විය.

    මේ අතර ලොව ප්‍රකට මූල්‍ය සඟරාවක් වන The Bankers සඟරාව  හා Bloomberg  රූපවාහිනී සේවය සමඟ ද අමාත්‍ය රවී කරුණානායක මහතා සම්මුඛ සාකච්ඡාවක නිරත වූ බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya