ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අමෙරිකා එක්සත් ජනපදයෙන් තාක්ෂණික ආධාර

    මැයි 12, 2016

    ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ශක්තිමත් කිරීම සඳහා තාක්ෂණික ආධාර ලබාදීමට ඇමරිකා  එක්සත් ජනපදය කැමැත්ත පළ කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    මීට අදාළ විශේෂ සාකච්ඡාවක් ඊයේ (11) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

     

    මේ සඳහා ඇමරිකා එක්සත් ජනපද මහා භාණ්ඩාගාරයේ ණය සහ යටිතල පහසුකම් පිළිබඳ සහකාර අධ්‍යක්ෂ Debra c. von Koch මහත්මිය ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

     

    මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ ණයබරතාව පාලනය කිරීම සඳහා මහා භාණ්ඩාගාරයට සහ මහ බැංකුවට තාක්ෂණික ආධාර මෙන් ම විශේෂඥ සේවා සැපයීමට ඇමරිකා එක්සත් ජනපදය කැමැත්ත පළ කර තිබේ.

     

    මෙම ව්‍යාපෘතිය මෙම වසර තුළ ආරම්භ කිරීමට  අපේක්ෂා කරන අතර එහි මුල් සාකච්ඡාව ඊයේ පැවැත් වූ බව එම අමාත්‍යාංශය  වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya