ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පැනමා පත්‍රිකාවලට අදාළ ලිපි ගොනු සඟවන්න ඉඩක් නැහැ - මුදල් ඇමැති

    මැයි 13, 2016


    පැනමා වාර්තාවල නම් සඳහන්ව ඇති සියලු ම ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බලන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා  ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ මහ බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුව මගින් ඊට අදාළ සොයා බැලීම් සිදු කරන බවයි.

     

    කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ වත්මත් තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා ඊයේ  (12) නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

     

    මෙහි දී සුගතදාස ක්‍රීඩංගණ පරිශ්‍රය, ධාවන පථය, ගෘහස්ථ ක්‍රීඩාංගණය ඇතුළු ස්ථාන රැසක් අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේ ය.  වසර 15 ක් නිසි නඩත්තුවකට යොමු නොවූ සුගතදාස ක්‍රීඩාංගණය නවීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 475 ක මුදලක් වෙන්කිරීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එහිදී එකඟත්වය පළ කළේය.  

     


    “ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ ඉල්ලීමකට අනුව මෙම ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා රටට ක්‍රීඩකයන් බිහිකිරිමේ අරමුණෙන් දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ සුගතදාස ක්‍රීඩාංගණයේ නඩත්තු කටයුතු ඉතා දුර්වල මට්ටමක පවතින බව ද සඳහන් කළේය.

     

    ක්‍රීඩකයන්ට පුහුණු වීම් සිදු කිරීමට මෙම ක්‍රීඩාංගනය සුදුසු මට්ටමක නැති බවත් ජනාධිපතිතුමාගේත් ගරු අග්‍රාමාත්‍යතුමාගේත් මඟපෙන්වීම මත සුගතදාස ක්‍රීඩාංගණය යළි ප්‍රතිසංස්කරණය කරන්න පියවර ගන්නා බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.


    ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

    ඒ වගේ ම මම කාරුණික ඉල්ලීමක් කරනවා අපේ මුදල් වෙනත් රටවල තියෙනවා නම් මේ රටට ගේන්න කියල. අපේ රටේ මුදල් අවශ්‍ය වන්නේ අපට. ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා හැර ඒ මුදල්වලින් විදේශ රටවල් සංවර්ධනය කරල වැඩක් නෑ. කලින් කිසියම් වරදක් වුණා නම් දැන් නිවැරැදි කර ගන්න අවස්ථාව ලැබිල තියෙනවා.”

    “වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් විවිධ ජනමාධ්‍ය විවිධ ආකාරයෙන් වාර්තා කරල තිබුණ. මේ වැඩි කළ 4%ක වැට් බදු ආදායම රාජපක්ෂ යුගයේ දූෂණ වෙනුවෙන් තමයි වැය කරන්නෙ. මේක වැඩි කල් යන දෙයක් නෙවෙයි. තාවකාලික ආදායම් උපයා ගැනීමේ ක්‍රමයක් විදියට තමයි මේ බදු සංශෝධනය කරල තියෙන්නෙ. ”
    වැට් බදු සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගෙන නොමැති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ද අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා මෙහි දී අදහස් පළ කළේ ය.
    “වැට් බදු සංශෝධනය සිදු කළ ආකාරයේ කිසිදු ගැටලුවක් නැහැ. මෙවැනි සංශෝධනයකදී  මුලින් ම කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගන්නවා. ඊට පසුව තමයි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කරන්නේ.” යැයි  ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

    මෙම නිරීක්ෂණ චාරිකාවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර, සුගතදාස ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් සමන්ත ජයසුන්දර යන මහත්වරු ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya